ආධුනික රූපලාවණ්‍ය ශිල්පියකු දැනගතයුතු පාරිභෝගික සේවා සත්කාරය

දෙසැම්බර් 4, 2018

පාරිභෝගික සේවා සත්කාරය, කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රය සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ කැඩපත බඳුය. එය පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සහ නැවත නැවත ගෙන්වා ගැනීමට හේතු වේ.

එමෙන්ම නව රුපලාවණ්‍යාගාරයක් සෑදීම, ආයතනය ලියාපදිංචි කිරීම, පරිපාලනය, ආයතනය රැක බලා ගැනීම, වෘත්තියට අදාළ නීති රීති වගකීම් හා යුතුකම් ආදි දේ පිළිබඳව මේ හරහා ඔබට අවබෝධයක් ලබා ගත හැකියි.

ව්‍යාපාර කළමනාකරණය

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මූලික පියවරෙහි සිටම ව්‍යාපාරය මනා කළමනාකරණයකින් යුතුව පවත්වා ගැනීම වැදගත්. එහිදී පළමුව ස්ථානයක් තෝරා ගැනීම පිළිබඳව සැලකිලිමත් වන්න. එහිදී එම ආයතනයෙහි නෛතිකභාවය ද සලකා බලන්න. එනම් එය තනි ව්‍යාපාරයක් ද, හවුල් ව්‍යාපාරයක් ද, නැතිනම් සමාගමක් ද යන බව තහවුරු කර ගන්න.

පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට දැකුම්කලු පරිසරයක් පවත්වා ගැනීම වැදගත්. එහි වාහන නවතා තැබීමට හැකි පරිදි ඉඩක් වෙන්ව තිබීම පාරිභෝගිකයාට පහසුවක් වනු ඇත. තවද පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් තෝරා ගැනීමෙන් නව සේවාදායකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට හේතුවක් වේ.

ඇතැම් රූපලාවණ්‍ය ශිල්පින් රූපලාවණ්‍යාගාරයක් ඇරඹීම සඳහා තෝරා ගනු ලබන්නේ තම නිවෙසෙහිම කොටසකි. එය මූල්‍ය කළමනාකරණය කර ගැනීමේදී වාසිදායක ක්‍රමයකි. නමුත් එහිදී නිවෙසෙහි කටයුතු ආයතනයට බාධාවක් නොවන අයුරින් පවත්වා ගත යුතුයි.

ආයතනය තෝරා ගත් පසු ඒ සඳහා කුලිය, ප්‍රතිසංස්කරණය, අවශ්‍ය භාණ්ඩ පිළිබඳ වියදම, රසායනික ද්‍රව්‍ය, සේවක වැටුප්, පාරිභෝගික සේවා මිල ගණන් ආදී දේ පිළිබඳව නිවැරැදි තීරණ ගනිමින් එවා ගණනය කර තබා ගන්න. එහිදී ප්‍රතිවාදී මුදල් සහ කාර්යය මණ්ඩල සඳහා යන වියදම ඇස්තමේන්තුගත කර ගන්න. ඉන්පසු ඉලක්කගත පාරිභෝගික පිරිස කාණ්ඩගත කර ගන්න.

ආලෝකකරණය

රූපලාවණ්‍යාගාරයේදී වැඩි අවධානයක් යොමු කර ගත යුතු වන්නේ ආලෝකකරණය පිළිබඳවය. ඒ සඳහා ආලෝක සැපයුම වැඩිදියුණු කර ගන්න. තවද ඔබ සේවාවක් ලබා දෙන අතරතුර විදුලිය ඇනහිටීමක් සිදුවුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කල්තියාම සූදානම් වන්න.

පිළිගැනීමේ ස්ථානය

බොහෝමයක් සේවාලාභීන් ආයතනය ගැන පළමු පැහැදීම ඇති කරගන්නේ පිළිගැනීමේ ස්ථානයෙනි. මෙය ප්‍රධාන දොරටුව අසල පවත්වාගත යුතුයි. තවද මෙය විවෘත ස්ථානයක් විය යුතුයි. එහි මේසය මත අත් පත්‍රිකා, මිල ගණන් සහ සේවාවන් පිළිබඳ පත්‍රිකා, කුඩා මල් බඳුනක් සහ ටොෆි බෝතලයක් තබන්න.

රූපලාවණ්‍යාගාරයට අවශ්‍ය ලී බඩු, උපකරණ, පුටු ආදී යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නාවිට නිවැරැදි ප්‍රමිතියෙන් යුතු ඒවාම තෝරාගන්න. රූපලාවණ්‍යාගාරයෙහි ෆේෂල් කිරීමේ ස්ථානය, කොණ්ඩ කපන ස්ථානය, මෙනිකි්‍යුු, පෙඩිකි්‍යුු ස්ථානය, සේවාදායකයන්ගේ සුව පහසුව සඳහා විවේක කාමරය සහ කෑම කාමරය ආදි ස්ථාන වෙන වෙනම ඒකක ලෙස පවත්වා ගන්න. තවද මෙහි අනෙකුත් අමතර ස්ථාන පිළිබඳව ද සැලකිලිමත් වන්න.

සේවකයන් බඳවා ගැනීම

නව සේවකයන් බඳවා ගැනීමේදී සම්මුඛ පරික්ෂණ පවත්වා තෝරා ගැනීම් කටයුත සිදුකරන්න. ඉන්පසු එක් එක් තනතුරු පිළිබඳව පහදා දී හොඳින් පුහුණු කරන්න.

රක්ෂණාවරණයක්

රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යාමේදී රක්ෂණයක් ලබා තිබිය යුතුයි. සේවකයන් සහ භාණ්ඩ ආරක්ෂා වන පරිදි රක්ෂණය ආරම්භ කරන්න. එමගින් ආයතනය තුළදී සේවකයන්ට සිදුවන අනතුරු සහ භාණ්ඩවලට සිදුවන හානි සඳහා ආරක්ෂාවක් ලබාගත හැකිවේ.

ප්‍රචාරණ කටයුතු

ප්‍රචාරණ කටයුතු පවත්වා ගැනීම තුළින් වැඩි පාරිභෝගිකයන් පිරිසක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙයි. ඒ සඳහා අන්තර්ජාල දැන්වීම්, අත්පත්‍රිකා භාවිත කරන්න. තවද රූපලාවණ්‍යාගාරය සඳහා ආලේපන මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු දේවල්ම මිලදී ගන්න. ආලේපන වර්ග විකිණීමේදී විකුණන ලද ආලේපන වර්ග ලැයිස්තුගත කරන්න.

ආරක්ෂක පද්ධතියක්

ආයතනයට බාහිරින් ඇතිවන බලපෑම් මඟහරවා ගැනීමට සහ සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට කැමරා පද්ධතියක් සහ විශාල ගේට්ටු වැනි දේ භාවිත කරන්න.

මේ කරුණු හොඳින් අධ්‍යයනය කිරීමෙන් රූපලාවණ්‍ය ආයතනයක් හොඳින් පවත්වාගත හැකියි.

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.