පිරිමි හිසකෙස් කැපීමේ ක්‍රම

දෙසැම්බර් 26, 2018

රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රය තුළ දී තව තවත් ඉදිරියට යෑමට නම් NVQ විභාගය සමත්ව තිබීම අතිශයින් වැදගත්. NVQ 3, 4 හදාරන අයට වගේම හදාරන්න බලාපොරොත්තු වන අයත් මේ පාඩම් මාලාව අත්වැලක් කරගන්න.

හෙයාර් කටිං කලාවේ මුලික පියවර ගැන අප පසුගිය දා සාකච්ඡා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්නේ පිරිමි කොණ්ඩා මෝස්තර සකස් කරන ආකාරය පිළිබඳවයි.

මෙම විෂයයට අදාලව ප්‍රධාන අංග තුනකි.

1. කෙස් කපන විට ප්‍රතිඵලදායක ලෙස ආරක්ෂිතව වැඩ කිරීමට ඇති හැකියාව

2. කෙස් කපා ගැනීමේදී විවිධ මුහුණුවලට ගැලපෙන පෙනුම ලබා ගැනිම සඳහා භාවිත කරන තාක්ෂණික ශිල්ප

3. සේවයෙන් පසු සාත්තුවට උපදෙස්

පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම එකම වර්ගයේ, ප්‍රමාණයේ සහ හැඩයේ කෙස් ඇත. එසේ නම් වෙනස් වන්නේ කුමකින් ද? මෙහි ඇති එකම වෙනස නම් කෙස්වල දිග ප්‍රමාණය පමණයි.

මූලික බාබරින් ක්‍රම

මුලික බාබරින් ක්‍රම කිහිපයකි. ඒ අතරින් ක්ලබ් කැපීම, පනාව මත කතුර ගෙන යාම, කි‍්‍රපරය භාවිතය, ග්‍රැජුවේෂන් ක්‍රම, රිවස් ගැජුවේෂන්, රේසරය භාවිතය ප්‍රධාන තැනක් ගනී.

සේවාලාභියාගේ ආරක්ෂාව

සේවාලාභියා හිසකෙස් කැපීමට පෙර සිටම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. මේ සඳහා ෂැම්පු කිරීමේ සිට පුහුණු විය යුතුයි. එමෙන්ම වියළි කෙස් කැපුම, තෙත කෙස් කැපුම ගැන අවධානය යොමු කරන්න. ඒ සඳහා භාවිත කරන ඇඟලුම්, තුවා, පනාව, කතුර, රේසරය, ක්‍රිපරය ආදී උපකරණ ජීවානුහරණ කරන්න. එයින් බැක්ටීරියා ආසාදන පැතිර යාම වළක්වා ගත හැකියි. ඒ සඳහා විසබීජ නාශක ද්‍රාවණ සහිත බඳුන්වල ගිල්වා තැබීමේ ක්‍රම, ............

2018/12/26 තරුණි පුවත්පත බලන්න

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන්හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා