කෙස් කලඹ පිරිපුන් කරන හවරි සහ හෙයාර් එක්ස්ටෙන්ෂන්

ජනවාරි 9, 2019

කෙස් කලඹ කාන්තාවන්ගේ රුව ඔප් නංවන ප්‍රධාන අංගයකි. එහි අලංකාරවත් බව වැඩිකර ගැනීමටත්, විලාසිතාවක් ලෙසත් හවරි භාවිත කරයි. ඒ වගේම වර්තමානය වන විට හෙයාර් එක්ස්ටෙන්ෂන් නම් නවතම හිසකෙස් හැඩ ගැන්වීමේ ක්‍රමයක් ජනප්‍රිය වෙමින් පවතියි.

කෙස් කලඹට සිදු කරන මේ විලාසිතාවන් පිළිබඳ රූපලාවණ්‍ය ශිල්පිනීන් නිරන්තර අවබෝධයෙන් සිටීම අතිශය වැදගත් වේ. ව්ඍQ පාඩම් මාලාව යටතේදී මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ එහි ඇති වැදගත්කම නිසයි.

හවරි භාවිතය අද සමාජයේ බොහෝ දෙනකු විසින් තම කොණ්ඩය අලංකාර කරගැනීම සඳහා භාවිත කරයි. එහිදී ඇතැම් හවරි වර්ග අලංකාරය සඳහා වගේම හිසෙහි කොණ්ඩය අඩුවීම නිසා එය වසා ගැනීමට භාවිත කරයි.

මෙවැනි කොණ්ඩා මෝස්තර විලාසිතා නිර්මාණය කිරීම අතිශය විනෝදකාරි වෘත්තියක් මෙන්ම ඉතා ලාභදායි ව්‍යාපාරයක්ද වේ. එබැවින් ව්ඍQ පාඩම් මාලාව යටතේ හවරි භාවිතය ගැන දැනුමක් ලබා තිබීම රූපලාවණ්‍ය ශිල්පිනියකට ඉතා ප්‍රයෝජනවත්ය.

හවරි ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් ස්වභාවික සහ කෘත්‍රිමව සාදාගන්නා හවරි වර්ගයි. ස්වභාවික හවරි මිලෙන් අධිකය. ඒවා කෘත්‍රිම හවරිවලට වඩා සිනිඳු බවින් වැඩිය.

එමෙන්ම සත්ත්ව කෙඳිවලින් සාදන හවරි ද භාවිත කරන නමුත් ඒවා යොදා ගන්නේ සිනමා සහ වේදිකා නාට්‍ය වැනි කටයුතු සඳහායි.

හවරි වර්ග

විග්ලට් හවරි සහ ටූපි හවරි යනුවෙන් හවරි වර්ග දෙවර්ගයකි. විග්ලට් හවරි යනුවෙන් හඳුන්වන්නේ කුඩා හවරි විශේෂයකි. ඒවා කොණ්ඩා මෝස්තර හැඩ ගැන්වීම සඳහා භාවිත කරයි. ටූපි හවරි යනුවෙන් හඳුන්වන්නේ පිරිමින්ගේ හෝ කාන්තාවන්ගේ හිස කෙස් අඩුවීම නිසා පෑදුණු තට්ට හිස ආවරණය කිරීමට නිපදවන ලද හවරි වර්ගයි.

හවරි පැලඳීමට හේතු

ඉක්මනින් පෙනුම වෙනස්කර ගැනීමට, තට්ට හිස වසා ගැනීමට, විලාසිතාවක් ලෙස, විනෝදයට සහ අලංකාරයට ආදි හේතු ගණනාවක් හවරි පැලඳීමට හේතු වේ. මේවා පාවිච්චි කළ හැකි වන්නේ කැරලි හෙයාර්, ස්කැන්ඩි හෙයාර්, කෙස් නොමැති තට්ට හිස සහ තුනී කෙස් සහ ඝනකම් හිසකෙස් යන තත්ත්ව යටතේදීය.

අවශ්‍ය ද්‍රව්‍ය

සේවාදායකයෙක් සඳහා මෙම සේවාව ලබාදීමට ප්‍රථම සේවා ට්‍රොලිය සූදානම් කර ගන්න. ඒ සඳහා කතුරක්, හෙයාර් ඩ්‍රයර්, කේප්, බ්‍රෂ්, ස්ටයිලිෂ් ටූල්ස්, හෙයාර් විග්ස් සහ හෙයාර් පීසස් අවශ්‍ය වේ.

ඊට අමතරව හවරිය හිසට සවි කිරීම සදහා ආලේපන, ක්ලිප් භාවිත කරනවානම් ඒවාත් සූදානම් කරගන්න.

 

2019/01/09 තරුණි බලන්න