ගැල්වනික් හයි ෆ්‍රීකුවෙන්සි ෆේෂල්

පෙබරවාරි 13, 2019

NVQ පාඩම් මාලාව යටතේ දී Advance Facial පිළිබඳව වැඩිදුරටත් හැදෑරීම තුළින් න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකියි. ඇඩ්වාන්ස් ෆේෂල් යටතේදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ galvanic high frequency කෙරෙහි.galvanic high frequency facial ක්‍රමය තරමක් අපහසු පාඩමක් ලෙස හැඟී ගියත් එය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ඔබට නිවැරැදිව වටහා ගැනීමට හැකි වේවි. අද දින අප කතා බහ කරන්නේ NVQ Level 4 යටතේදී අධ්‍යයනය කළ යුතු ගැල්වනික් සත්කාරයන් පිළිබඳවයි.

ගැල්වනික් සත්කාරයන් සාමාන්‍ය ෆේෂල් සත්කාරයට වඩා වෙනස්ය. බොහෝවිට සාමාන්‍ය ෆේෂල් සත්කාරයන් සිදු කරන්නේ විවිධ ආලේපන භාවිත කරමින් සම්බාහනය කිරීමයි. නමුත් ගැල්වනික් ෆේෂල් එකකදී භාවිතයට ගැනෙන්නේ විද්‍යුතයයි.

සාමාන්‍ය ෆේෂල් සත්කාරයට වඩා ගැල්වනික් සත්කාරය ප්‍රතිඵලදායකය. ගැල්වනික් ෆේෂල් සත්කාරය මඟින් සෞඛ්‍ය සම්පන්න මාංසපේශින් වර්ධනය, සම රැලි වැටීම පාලනය කිරීම, මනස සැහැල්ලුව පවත්වා ගන්නත් හේතු වෙයි. මෙහිදී සිදු කරන්නේ විද්‍යුතය සමට ගමන් කරවීමයි. ජලය හරහා විද්‍යුතය ගමන් කළ හැකියි. ඒ සඳහා ජලීය අයන වැදගත් වේ. ශරීර බරෙන් 75% ක් පමණ ඇත්තේ ජලයයි. තවද ශරීරයේ ඡධචඤර ටතභඪඤඵ වලද විවිධ ජීවි අයන පවතී. එනම් සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, කාබනේට්ය. එහෙයින් ශරීරය හරහා මෙම විද්‍යුතය ගමන් කරවීම සඳහා තරල සහ ඒවායේ ලවණ ආධාර වේ.

විද්‍යුත් ධාරා ප්‍රධාන ආකාර දෙකකි.

1. සරල ධාරාව

මෙය දිශාවකට පමණක් ගමන් කරයි. ගැල්වනික් ධාරාව ලෙස ද හඳුන්වයි.

2. ප්‍රත්‍යවර්ථ ධාරාව

ධාරාවේ දිශාව ධන සහ සෘණ අග්‍රය වන අතර, ධන සෘණ අග්‍ර වෙනස් වන විට ඒ අනුව ධාරාව ද වෙනස් වේ.

ගැල්වනික් සත්කාරය

ගැල්වනික් ධාරාව යනු සරල ධාරාව වේ. මෙහිදී ඉතා අඩු වෝල්ටියතාවයක් සහ ඇම්පියර් ධාරාවක් යොදා ගනී. මෙහි ඇනෝඩය සහ කැතෝඩය වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙවර්ගයකි. ධන අග්‍රය ඇනෝඩය වන අතර සෘණ අග්‍රහ කැතෝඩය නම් වේ.

2019/02/13 තරුණි බලන්න.