කන්දක් වටිනා කෙන්දකින් ඔබේ ආර්ථිකය සරු කර ගැනීමට අවස්ථාවක්

පෙබරවාරි 20, 2019

ශ්‍රී ලංකාවේ කොහු කර්මාන්තය මුහුදු බඩ මෙන්ම පොල් සුලබව හමුවන ප්‍රදේශවල වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගයකි. එය එම ප්‍රදේශ වල කර්මාන්තයක් ලෙස දීර්ඝ කාලයක සිටම ව්‍යාප්තව පවතී.

මෙරට නිෂ්පාදිත කොහු කෙඳිවලට විශාල ඉල්ලුමක් පවතින අතර අතීතයේ සිටම රටට විදේශ විනිමය ගලා එන, එමෙන්ම රැකියා අවස්ථා උදාකර දෙන කර්මාන්තයක් බවට පත්වී ඇත.

එහෙත් තවමත් කොහු කෙඳී අමුද්‍රව්‍යයක් ලෙස පමණක් වැඩි වශයෙන් අපනයනය කිරීම, ලෝක වෙළෙඳපොළ තුළ අනෙකුත් තරගකරුවන් අභිබවා යාමට ඇති විශාලතම අභියෝගයයි.

වෙළෙඳපොළ

වර්තමාන වෙළෙඳපොළ තුළ කෘත්‍රිම කෙඳී සඳහා පවතින ඉල්ලුම ක්‍රමයෙන් අඩුවෙමින්, ස්වාභාවික කෙඳීවලට ඇති කැමැත්ත ඉහළ යන ප්‍රවණතාවක් පවතින අතර එයින් ද කොහු කෙඳීවලට හිමි

වන්නේ සුවිශේෂ ස්ථානයකි. එම නිසා කොහු කෙඳී තව දුරටත් අමුද්‍රව්‍යයක් ලෙස පමණක් වෙළෙඳපොළට නොයවා, එයින් පාරිභෝගික ඉල්ලුම ඇති භාණ්ඩයක් නිෂ්පාදනය කොට නිමි භාණ්ඩයක් ලෙස වෙළෙඳපොළට එක් කිරීමට ඇති හැකියාව දියුණු කිරීමට උත්සාහ කිරීම මඟින් ඔබගේ පසුම්බිය මෙන්ම රටේ ආර්ථිකය ඉහළ නැංවීමට ද ඉවහල් වේ. නිමි භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේ දී කොහු විරංජනය (කොහු සුදු කිරීම) හා කොහු සායම් කිරීම යන ක්‍රියාවලීන් සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. මක්නිසාදයත්, දුඹුරු කොහු භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ කෙරෙහි වෙළෙඳපොළ තුළ එතරම්

සතුටුදායක ඉල්ලුමක් නැත. දේශීය මෙන්ම ලෝක වෙළෙඳපොළෙහි ද ඉල්ලුමක් පවතින්නේ සුදු කොහු හා වර්ණ ගැන්වූ කොහුවලින් නිෂ්පාදිත භාණ්ඩ සඳහාය.

එබැවින් නිමි භාණ්ඩ නිෂ්පාදනයට සුදු කොහු හා වර්ණ ගැන්වු කොහු භාවිතය වඩාත් සුදුසු වේ.

 

2019/02/20 තරුණි බලන්න.