පෙබල්ස්වලින් ජීවය ලද ළඳුන්ගේ සුන්දරත්වය

මාර්තු 6, 2019

සොබාදහම විසින් නිර්මිත ගැහැනිය ලොව සොඳුරුතම නිමැවුමයි. ඇගේ සුන්දරත්වයට සම කළ හැකි කිසිවක්ම ලොව නැත.

එපමණක් නොව ඇගේ ආත්ම විශ්වාසය හා දරාගැනීමේ හැකියාව ද සියල්ලන්ටම වඩා විශිෂ්ටය. ඇගේ ළඳ බොළඳ සියුමැළි බව ද ඇයටම ආවේණික වූවකි.

එනිසාම ළඳුන් වූ අපි, අපි ගැනම ආඩම්බර විය යුතුය. අපි අපේ පෞඩත්වය රැකගැනීමට නිරන්තරවම සිතට දිරිගත යුතුයි. මේ තිබෙන්නේ අපේ සුන්දරත්වය හා අපේ හැඟීම් ලොවට පෙන්වූ තවත් එක් නිර්මාණ කලාවකි. පෙබල්ස් හෙවත් ගල් කැබැලි භාවිතයෙන් අපේ සුන්දරත්වය ජීවමානකර ඇති අපූර්ව බලන්න. නිවෙස හැඩකරන බිත්ති සැරසිල්ලක් ලෙස කාන්තා රුව අජීවි ගල් කැබැලි මතින් සුන්දර නිර්මාණයක් වී ඇති අයුරු විස්මය ජනකයි නේද? එහෙම නම් ඔබටත් පුළුවන් මෙවැනි නිර්මාණ කරන්නට.

අවශ්‍ය දේවල්

ගංගා, ඇල, දොළ අසල දී හමුවන විවිධ හැඩැති ගල් කැබලි

විවිධ වර්ණ ලැකර්

වාර්නිෂ්

පින්සල්

හොට් ග්ලූ ගන්

වැලි කඩදාසි

ඝනකම් බෝඩ්

පින්තාරුවෙන් හැඩකළ

ළඳුන්ගේ සිතුවම්

තරුණි 2019/03/06 බලන්න.