සොඳුරු සිත්තම් මවන මනරම් දසුනක අසිරිය

අප්‍රේල් 10, 2019

දවසේ මෙහෙවර අහවර කරමින් රක්ත වර්ණ හිරු මුහුදේ ගිලෙන්නට ආසන්නය. එක පිට එක නැඟී බිඳෙනා සයුරු රළ වෙරළ වෙත ඇදී නැවත දුව යන්නේ, සිප්පි කටු, ගල්මල්, පුංචි බෙල්ලන් වෙරළ සීමාවේ රඳවා තබමිනි.

ඉර බැසයන මොහොතේ වෙරළ තීරය මත මැවෙන මේ ආකර්ෂණීය දසුන සොඳුරු බිතු සිතුවමකට නගා ඇති අන්දම මොනතරම් අපූරුද?

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

බොක්ස් බෝඩ් එකක්

සුදු, කහ, තැඹිලි, කොළ, නිල්, කළු ආදී

රෙදි පින්තාරු වර්ණ

අඟල් 1/2, සහ 3 1/4 පැතලි පින්සල්

නො. 03 සහ 08 රවුම් පින්සල්

කුඩා සිප්පි කටු කිහිපයක්

මුහුදු වැලි ස්වල්පයක්

බයින්ඩර් ගම්

ඒ 4 කඩදාසි (වර්ණ කිහිපයකින්)

සෘජිෆෝම් කැබැල්ලක්

පත්තර පිටු කිහිපයක්

පුළුන් ස්වල්පයක්

පෙති පහ සහිත කටර් එකක්

නිර්මාණය සකසා ගනිමු

පළමුව ඔබට අවශ්‍ය පරිදි බොක්ස් බෝඩ් එක පළල අඩුවටත් දිගින් වැඩිවන ආකාරයටත් කපාගන්න.

මෙහි අඟල් 2 ය 2 පිටතට ඉඩ ඉතිරිවන ආකාරයට තැබීමෙන් පින්තූරය රාමු කරගැනීමේ දී වැඩි අලංකාරයක් මතුකර ගත හැකියි.

දැන් කපාගත් බෝඩ් එක මත මේ නිර්මාණයේ දළ රූප සටහන සලකුණු කරගත යුතුයි.

මෙහිදී අහස, මුහුද, වෙරළ වශයෙන් කොටස් තුනකට වෙන්කර ගැනීමෙන් නිර්මාණය පුරවා ගැනීම වඩාත් පහසු වේ. අහසේ වර්ණ මතු කිරීමට පළමුව ළා කහ වර්ණය ගල්වා අනතුරුව රතු සහ තැඹිලි වර්ණ තවරා පැතලි පින්සල ආධාරයෙන් ත්‍රිමාණ ස්වභාවය මතුකරගන්න. සූර්යයා ළා කහ පැහැයෙන් වර්ණ ගැන්විය හැකි අතර සුදෝ සුදු වළාකුළු සඳහා පුළුන් භාවිත කිරීමෙන් අහසේ සැබෑ සුන්දරත්වය මතුකරගත හැකියි.

ඉන්පසුව මුහුදු කොටස සඳහා සෘජිෆෝම් කොටස් ආධාරයෙන් කුඩා කැබලි ගල් හැඩයට කපා කළු ෆැබ්රික් පේන්ට් තවරන්න.

අනතුරුව මුහුද වර්ණ ගැන්වීම සඳහා කොළ සහ නිල් වර්ණ මිශ්‍ර කරමින් ෆෝක් ආට් ක්‍රමයට වර්ණ කරන්න.

මෙහිදී අඟල් 3 1/4 පැතලි පින්සලට එකවර වර්ණ දෙකම ගෙන වන් ස්ට්‍රොක් ක්‍රමයට මුහුදේ රළ පෙළ සකසාගන්න. මෙහි සුදු කොටස වර්ණ කිරීමට නො. 08 රවුම් පින්සල භාවිත කරන්න.

 

2019/04/10 තරුණි බලන්න