රිබන් වලින් හැඩ වූ රෝසමල් කොමළියෝ

මැයි 29, 2019

රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් හැඩ වූ රෝසමල් කොමළියෝ හරිම ලස්සනයි නේද? බිත්ති සැරසිල්ලක් හැඩකරන්න, කුෂන් කවරයට මල් කුමරියන්ගේ හිස්පළඳනාවට වගේම මංගල රථය සරසන්නත් මේ ආකාරයට සාදාගත් මල් පොකුරක් හරිම අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල පළල රෝස පාට සහ

කොළපාට රිබන්

මල්පෙති මසා ගැනීමට නූල්

ඉඳිකටුවක්

ප්‍රමාණ කීපයකින් රෝස පබළු

කම්බි

 

නිර්මාණය කිරීම

පළමුව රෝසපාට රිබන් එක ගෙන අඟල් 9 ක් පළලට කොටස් කීපයක් කපා ගන්න. ඉන්පසු එසේ කපාගත් එක් කොටසක් ගෙන එහි දෙපසින්

ත්‍රිකෝණ හැඩයට ඇතුළට නවන්න. අල්පෙනෙති ගසන්න. පසුව නැමූ කොටස් දෙකත් හසුවනසේ යට දාරය දිගේ නූල් ඇද තදකර ගන්න. නූල් ඇඳ 3 ඡායාරූපයේ දැක්වෙන ආකාරයට මල් පෙත්තක් සාදා ගන්න.

 

2019/05/29 තරුණි බලන්න