කාබනික වගාවෙන් ආදර්ශ සපයන ගොවි පවුල

ජුනි 5, 2019

“වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්” මෙම කියමන වත්මන් සමාජය තුළ සීඝ්‍රයෙන් පැතිර ඇත්තේ ආහාර පද්ධතිය තුළ මිනිසා මුහුණ දී ඇති ඛේදවාචකය හැකිතාක් දුරට සමනය කරනු පිණිසය.

අප කුඩා කල අසා නැති රෝග බොහොමයක් නූතන සමාජය තුළ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. නිදසුනක් වශයෙන් දියවැඩියාව, වකුගඩු රෝගය වැනි බෝ නොවන රෝග අද හය හතර නොතේරෙන දරුවන්ට පවා වැලඳි ඇත්තේ ආහාර වගාවන්ට යොදන පළිබෝධ නාශක මෙන්ම කෘෂි රසායනික පොහොර වර්ගවල බලපෑම නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අතීතයේ අපේ මුතුන් මිත්තන් තම වගාවන් සඳහා භාවිත කරනු ලැබුවේ ගොම පොහොර ඇතුළු කාබනික පොහොර වර්ගයි. ඔවුන් අවුරුදු 90 කට වඩා ජිවත්වුණේ ඉහෙන් බහින රෝගයක් නැතිවය. වර්තමාන වෙළෙඳපොළෙන් අපි මිලදී ගන්නා පලතුරක් හෝ එළවළු වර්ගයක් හෝ වේවා අපිට ලබාගත හැකි වන්නේ සියයට අනූවක්ම කෘෂි රසායනික වර්ගවලින් පෝෂණය වූ ඒවා ලෙසයි. එහෙත් වත්මන් සමාජයේ අද බොහෝ දෙනෙක් කාබනික රසායන සහ පොහොර යෙදු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙලඹි ඇත. බොහෝ ගොවීන් කාබනික පොහොර තමන්ගේ වගාවනට යෙදීමට උත්සුක වී ඇත. ඒ සඳහා කහ එළිය දැල්වෙමින් පවතී. මේ ලිපිය ලියැවෙන්නේ එවන් ගොවි පවුලක් වෙනුවෙනි.

 

2019/06/05 තරුණි බලන්න