අලුත් බබාගේ ආරක්ෂාවට බේබි කැරියර්

ජුනි 12, 2019

අලුත උපන් බබාගේ ආරක්ෂාව අම්මාට ඉමහත් වගකීමක්. අලුත් බබාව ඉස්පිරිතාලෙන් නිවෙසට එක්කගෙන එන්න වගේම අසනීපයක් හැදුණොත් දොස්තර ළඟට ආරක්ෂාකාරී ලෙස ගෙන යා යුතුයි.

මේ වගකීම වෙනුවෙන් හඳුන්වා දුන් බේබි කැරියර් අලුත් අම්මලාට පහසුවක්. එය දරුපැටියාට ආරක්ෂාවක් සලසනවා වගේම උණුසුම ද ලබා දෙනවා. අලුත උපන් බබාලා වෙනුවෙන් දිය හැකි කදිම තිළිණයක් ද වන බේබි කැරියර් එකක් අද නිර්මාණය කරමු.

 

අවශ්‍ය වෙන්නේ

මුද්‍රිත රෙදි වර්ගයක් සහ ඊට ගැළපෙන තනි පැහැති රෙදි

සිප්

පැඩිං හෝ පුළුන්

ගැළපෙන වර්ණ නූල්

 

නිර්මාණය කරමු

පළමුවෙන්ම අඟල් 23×27 සහ 8×18 ප්‍රමාණයෙන් රෙදි කොටස් දෙකක් මුද්‍රිත රෙදි වර්ගයෙන් කපාගන්න. තනි පැහැති රෙදි වර්ගයෙන් ද එලෙස කොටස් දෙකක් කපාගන්න. මුද්‍රිත රෙද්දකින් කපා ගත් කොටස් ගෙන පළමු රූපයේ පෙන්වා දී ඇති පරිදි මූට්ටු කරන්න.

 

2019/06/12 තරුණි පුවත් පත බලන්න