ලියන් සොඳුරු මනාලියන් ලෙසින් හැඩගන්වන

ජුනි 19, 2019

නිට්ටඹුවේ සැලෝන් නිත්‍යා හිමිකාරිණිය, නිත්‍යංගා සමාධිනී

සොබා දහම් මාතාවගේ සුන්දරතම නිර්මාණය කාන්තාවයි. සුන්දරත්වය පමණක් නොව ඇය වෙතින් ඉටුවෙන කටයුතුද බොහෝයි. විටෙක දියණියක, සොහොයුරියක වන ඇය තවත් විටෙක පෙම්වතියක, බිරියක හා මවකි. එමෙන්ම ඇය සමාජ සේවිකාවක ලෙසින් ද කටයුතු කරයි.

අතීතයේ දී ආයුර්වේද රුව සත්කාර කෙරෙහි නැඹුරු වූ අපේ කාන්තාවන් අද ඉන් ඉදිරියට ගොස් ආයුර්වේදය හා නවීන විද්‍යාවත් මුසුකරගත් රූපලාවණ්‍ය කලාවකට යොමු වී තිබේ. මේ ශිල්පය ඉගෙන ගනිමින් අපේ යුවතියන් හැඩකරන දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් අපට හමුවිය.

ඇය නිත්‍යංගා සමාධිනී තිලකරත්නයි. නිට්ටඹුව නගර මධ්‍යයේ පිහිටි සැලෝන් ‘නිත්‍යා’ ඇගේ හැකියාවේ තෝතැන්නයි.

තමන් සතු සහජ දක්ෂතාවය හා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්, ශිල්පිනියන්ගෙන් දැන උගත් දේ තුළින් ඇය ඔබව හරි අපූරුවට හැඩ ගන්වයි.

ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිස වසර 10 කි. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය තමාගේම කියා ව්‍යාපාරයක හිමිකාරිණිය වන්නට සිහින දැකිය. ඒ සිහිනය යථාර්ථයක් වූයේ වේයන්ගොඩ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙන් රූපලාවණ්‍ය පිළිබඳ ව්ඍQ ඹ්ඥමඥත - 4 සහතිකලාභිනියක් වීමෙන් අනතුරුවය.

අද වන විට ඇය සියනෑ පුරවරයේ යුවතියන් වැඩි පිරිසකගේ විවාහ මංගල්‍ය දා ඔවුන් හැඩ කළ රූපලාවණ්‍ය ශිල්පිනිය වී තිබේ. උඩරට, පහතරට, බටහිර යන ඕනෑම මනාලියක් හැඩ ගැන්වීමේ නිසඟ හැකියාව ඈ සතුයි. එපමණක් ද නොව වෙනත් ඕනෑම උත්සව අවස්ථාවකට ගැළපෙන කොණ්ඩා මෝස්තර ද දැමීමේ හැකියාව ඇය සතුය. ඇහි බැම සැකසිම, ෆේෂල්, ක්ලීන් අප්, ත්‍රෙඩිං, රීබොන්ඩිං, ස්ට්‍රේටිං, මෙනික්‍යු, පෙඩික්‍යු සඳහා ඇය විශේෂ දක්ෂතා දක්වන්නියකි.

වර්තමානයේ යුවතියන් බෙහෙවින් රුචිකත්වයක් දක්වන නිය අලංකරණ කටයුතු ද සැලෝන් ‘නිත්‍යා’ වෙත පිවිසෙන ඔබට සිදුකර ගත හැකියි. එමෙන්ම එයාර් බ්‍රෂ් මේක් අප් පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති ඇයට ඒ පිළිබඳ ද දැනුමක් තිබේ.

“පාසල් යන කාලයේ පටන් ම මා කලාවට ළැදියි. නර්තනය, රංගනය, ගායනය යන සියලු අංශයන් පිළිබඳ හැදෑරිම් සිදු කළා. ඒ අතර රූපලාවණ්‍ය ශිල්පය ප්‍රගුණ කිරීමේ ආසාවක් ඇතිවුණා. අංක 17/ඒ, සමූපකාර ගොඩනැගිල්ල, පළමු මහල, මීගමුව පාර, නිට්ටඹුව යන ලිපිනයේ මගේම කියා නවින පන්නයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරිණිය වීමට ලැබිම මගේ හීනය සැබෑවීමක්. හෙයාර්, බියුටි, බ්‍රයිඩ්ල් අංශ තුනම සඳහා රූපලාවණ්‍යාගාරය විවෘත වූ නමුත් මනාලියන් හැඩ ගැන්වීමට ප්‍රමුඛස්ථානයක් දක්වනවා. මනාලියක ලෙසින් හැඩගන්වා ගැනීමට මා වෙත පැමිණෙන යුවතියකට මංගල සාරිය, කේක් එක, මල් සැරසිලි, ආභරණ, ඡායාරූපකරණය ආදී සියලු අංශයන් කෙරෙහි සේවාව සැපයීම ද සිදු කරනු ලබනවා. මේ සියලු දේ සඳහා මගේ අම්මා, තාත්තා වගේම විශේෂයෙන් ආදරණීය සැමියා ප්‍රසන්න ගුණතිලක සහයෝගයක් ලබා දෙනවා. මගේ දියණිය ත්‍යානි ලෝහිත්‍යාත් මේ මොහොතේ සිහිපත් කළ යුතුමය."

හෙට දිනයේ සුන්දර මනාලියක් වීමට සිහින දකින ඔබට සැලෝන් නිත්‍යා, නො. 17/ඒ, සමූපකාර ගොඩනැගිල්ල, මීගමුව පාර, නිට්ටඹුව යන ලිපිනයේ දී මේ දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනිය හමුවිය හැකියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.