කාන්තාව නිවෙසේ නිකම් නොඉඳ ස්වයං රැකියාවක හෝ නිරත විය යුතුයි

අගෝස්තු 7, 2019

ඇය වසන්තා පි‍්‍රයදර්ශනී. අපේ රටේ ජීවත්වන තවත් එක් දිරිය දියණියකි. ජීවිතය විජයග්‍රහණය වෙත යොමුකර අද ඇය තම දිවිය අපූර්ව ලෙස වර්ණ ගන්වාගෙන ඇත.

ඒ දලුළා වැඩුණු ඇගේ ව්‍යාපාරික අදහස යථාර්ථයක් බවට පත්කර දුන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (ඉථචතත ඡ්දබඥපනපඪඵඥඵ ච්ඥමඥතධනථඥදබ ච්ඪමඪඵඪධද - ඉඡ්ච්) ලැබුණු සහයෝගයත් සමඟිනි.

ඇගේ සාර්ථකත්වය ඔබට කියන්නේ, ඔබේ ජීවිතය ද පැහැබර කරගැනීම පිණිසය.

“මගේ උපන් ගම මොණරාගල. මාත් සැමියාත් කොළඹ පදිංචියට ආවේ සැමියාගේ රැකියාවේ පහසුව වෙනුවෙන්.

එහෙත් අපි කොළඹ නගරයේ තනි වුණා. මේ කාලයේදීම වගේ මට අපේ පළමු දරුවා ලැබුණා. දරුවා තනිකර මට රැකියාවට යන්නට වාතාවරණයක් තිබුණේ නැහැ. එබැවින් රැකියාවට සමුදුන්නා. සැමියාගේ රැකියාවෙන් පමණක් පවුලක් නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බව එන්න එන්නම දැනෙන්න පටන් ගත්තා. මොණරාගල හිටපු මගේ තාත්තාත් අසනීප වුණා. ලෙඩ ඇඳට වැටුණ තාත්තාට පවුලේ අනෙක් සහෝදර සහෝදරියන් වියහියදම් කළත් මට කිසිවක් කරගන්නට නොහැකි වීම පිළිබඳ සිය දහස්වාරයක් හිතෙන් තැවුණා. සැමියා මට අවශ්‍යතාවට අනුව මුදල් ලබාදුන්නත් හැමවෙලාවකම ඔහුගෙන් මුදල් ඉල්ලීමට මගේ හිත ඉඩදුන්නේ නැහැ. රැකියාවක් කර මුදල් අතේ ගැවසුණ මට ඉන් ඉවත් වූ විටදී මුදලේ අගය හොඳටම දැනෙන්න පටන් ගත්තා.

මෙහෙම කල්පනා කර කර ඉන්න වෙලාවක ස්වයං රැකියාවක් හෝ කළ යුතුයි යන සිතිවිල්ල හිතට ආවා. තාත්තා බලන්න ගමේ ගියදාක බෙලි මල් වගයක් දැක්කා. ඒ වෙලාවෙ අතේ තිබුණේ පුංචිම පුංචි මුදලක්. ඒ සල්ලිවලින් කොහොමහරි බෙලි මල් කිලෝ එකක් ගත්තා. ගෙදර ගෙනත් පිරිසුදුකර බ්ලෙන්ඩ් කරලා පැකට් කීපයක් හදාගත්තා. මුලින්ම දන්න කීපදෙනෙක්ට විකුණුවා. ඒ මුදල් වියදම් නොකරම, නැවත වරක් ගමේ ගිහින් බෙලි මල් වැඩිපුර ගෙනාවා. පෙර ලෙසින්ම පැකට් කළා. ඒත් වැඩේ හිතන තරම් ලෙහෙසි පහසු වුණේ නැහැ. වෙළෙඳපොළ දිනාගැනීමට ලොකු තරගයක් දුන්නා. දිවා රෑ වෙහෙසුණා. බෙලි මල් ටී එක තනියෙන් අලෙවි කිරීම ඵලක් නොවුණ බව තේරුම් ගෙන වෙනත් නිෂ්පාදනත් මෙයට එකතුකර ගත්තා.

 

 

 

 

2019/08/07 තරුණි බලන්න