පුංචි පුතුට හිරු කුමරා

අගෝස්තු 14, 2019

 

මල් වගේ ඉන්න පොඩ්ඩන්ට මල් වගේ ලස්සනට තියෙන සෙල්ලම් බඩුවක් දෙන්නයි අම්මාගේ හිත. වෙළෙඳපොළේ තියෙන එවැනි නිර්මාණයකට වඩා අම්මාගේ අතින් හදන ආයිත්තමක ලස්සන වැඩියි.

වටිනාකමත් වැඩියි. එහෙනම් ඔබේ සිඟිති පුතුට තිළිණ කරන්න හරි ලස්සන හිරු කුමරෙක් මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

කහ පැහැති ටවල් රෙදි

(මුහුණ, ඇඟ පිහදාන ටවල් රෙදි)

පැඩිං

විවිධ වර්ණ රිබන්

ඇස් හා කම්මුල් සඳහා රෝස පාට හා

නිල් පාට රෙදි

හීට් ඇන්ඩ් බොන්ඩ් කොළ

ගැළපෙන වර්ණ නූල්

කතුර

පතරොම් සැකසීමට කඩදාසි

පැන්සල්, පෑන්

 

නිර්මාණය කිරීම

පළමුව අවශ්‍ය ද්‍රව්‍ය සපයාගන්න. ටවල් රෙදි පිටකොටුවේ මෙන්ම මහරගම පමුණුව වැනි රෙදි විකුණන තැන්වල තිබේ. නැතිනම් ඔබට කුඩා ටවල් එකක් මිලදී ගෙන මෙවැනි නිර්මාණ කිහිපයක්ම කළ හැකියි.

අංක 1 රූපයේ සපයාගත් අවශ්‍ය ද්‍රව්‍ය සහ පතරොම දැක්වේ. මෙම පතරොම ඔබට අවශ්‍ය ප‍‍්‍රමාණයකට සකසා ගත හකියි. පතරොමේ ලොකු රවුම් දෙකක් එක ළඟ දැක්වේ. දෙවැනි රවුම මැහුම් වාසිවලට ඉඩ තබා ඇඳගත් රවුමයි. එම පතරොම අප දක්වා ඇති රූපයේ පෙනෙන ආකාරයට ඔබට අවශ්‍ය ප‍‍්‍රමාණයට ඇඳගන්න. රවුම් කපාගත් පසුව එය ටවල් රෙදි කොටස මත තබා කතුරෙන් රෙදි රවුම් දෙකක් කපාගන්න.

 

2019/08/14 තරුණි බලන්න