පොඩිත්තන්ගෙ කාමරයට සත්ත්ව යාළුවෝ

අගෝස්තු 21, 2019

අම්මාට තමන්ගේ දරුවන් සම්පතක්. ඒ හින්දාම එයාලගේ පුංචි හිත්වලට සතුට ගේන්න අම්මලාත් බොහොම උනන්දුයි.

ඒ ගැන අපිත් හොඳීන්ම දන්න හින්දා පුංචි හිත්වලට සතුට ගේන්න පොඩිත්තෝ ආසම කරන සත්ත්ව රූප එකතුවක අසිරිය සහිත මෙම ලස්සන ඇප්ලික් නිර්මාණය ඔබට තිළිණ කරනවා. දූ දරුවන්ගේ කාමර හැඩකරන්න මෙය අගනා තිළිණයක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

ළා නිල්, තද නිල්, රතු, කොළ, තැඹිලි, කහ ආදී විවිධ වර්ණවල මුද්‍රිත සහ තනි පැහැති රෙදි

පැඩිං

ලයිනිං සඳහා රෙදි

ගැළපෙන වර්ණවල නූල්

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

කතුරු, නූල් ආදී අනෙකුත් දේ

 

නිර්මාණය කිරීම

පළමුව අපි පතරොම් සකසාගත යුතුයි. ඒ සඳහා පැච්වර්ක් මෝස්තරයේ දළ සටහනක් කොළයකට පිටපත් කරගන්න. ඒ සඳහා අප දළ සටහනක් ලබා දී ඇත. එය අවශ්‍ය පරිදි විශාල කරගත යුතුයි. ඉන්පසුව කොටස්වලට වෙන්කර කාඩ් බොඩ් මත තබා ඇඳගන්න. මෙම නිර්මාණයේ පතරොම් සඳහා මැහුම් වාසි අවශ්‍ය නොවේ.

අදාළ පතරොම් භාවිතකර ගැළපෙන වර්ණවලින් රෙදි කොටස් කපා අයන් කරගන්න. එම රෙදි කොටස් කැපීමේ දී ද මැහුම් වාසි තබාගැනීම අවශ්‍ය නොවේ. මෙම නිර්මාණය නිමකරගත් විට අඟල් 22×40 ප්‍රමාණයේ එකකි. ඒ අනුව ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙමින් රෙදි කොටස් කපාගත යුතුයි. පසුබිම සඳහා ළා නිල් පාටින් අඟල් 14½×32½ රෙදි කොටසක් කපාගන්න. ඒ මත ඇප්ලික් නිර්මාණයේ දළ සටහනක් ඇඳගන්න. ඉන්පසු පතරොම් භාවිතකර කපා අයන්කර ගත් රෙදි කොටස් ගෙන අවශ්‍ය තැන්වලින් තබා අල්පෙනෙති ගසා අවශ්‍ය නම් අතේ නූල් ඇදගන්න.

 

2019/08/21 තරුණි බලන්න