නිර්මාණශීලී හැකියාවෙන් ජීවිතය දිනූ ඉරෝෂණී

සැප්තැම්බර් 11, 2019

තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න දකින සිහිනය කොයිතරම් අපූරු ද? ඒක සැබෑ වූ විට දැනෙන සතුට වචනයෙන් විස්තර කළ නොහැකියි.

රුවන්පුරයෙන් අපට හමුවූ ඇයත් එවැනි දිරිය කාන්තාවකි. ඇය ඉරෝෂණී වික්‍රමසූරිය යි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (Small Enterprises Development Division - SED)

මඟපෙන්වීමක් ඇයගේ ජීවිතය නවමු ඉසව්වකට රැගෙන යන්නට හැකියාව ලැබිණි. ඇගේ සිතේ දලුලා වැඩුණු ව්‍යාපාරික අදහස යථාර්ථයක් බවට පත්කළ ඒ අපූරු කතාවයි මේ.

“මගේ උපන් ගම වීරකැටිය. වැඩිමහලු සහෝදර සහෝදරියන් එක්ක ගෙවුණු ජීවිතය හරිම සුන්දරයි. ඒත් ඒ අය විවාහ වීමත් සමඟින් අම්මා, තාත්තා එක්ක මම මහගෙදර තනිවුණා. අපේ තාත්තා පුංචි රෙදි කඩයක් කරගෙන ගියා.

මේ රෙදි කඩේ ඒ දවස්වල වීරකැටිය නගරයේ තිබුණු හොඳම රෙදි කඩේ වුණා. එහෙත් කලායත් එක්ක තාත්තා අසනීප වුණා. එක්තැන් වූ තාත්තාට රෙදි ව්‍යාපාරය තවදුරටත් කරගෙන යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අම්මා, තාත්තා ළඟින්ම ඉඳන් තාත්තාට සැලකුවා. තාත්තාට බෙහෙත් කරන්න හම්බකරපු සල්ලි සියල්ලක්ම වගේ වියදම් වුණා. ලෙඩ ඇඳේ සිටිය තාත්තා නිතරම දුකින් කතා කළේ කඩාවැටුණු ව්‍යාපාරය ගැනයි. මට මේක දරාගන්න බැරිවුණා. ගෙදර ආර්ථිකයත් එන්න එන්නම කඩා වැටුණු නිසා මේ සියල්ලටම පිළියමක් ලෙසින් මට රෙදි කඩේ බාරගන්න වුණා. ඇත්තටම එය විශාල අභියෝගයක්.

මම පුංචි කාලේ ඉඳන්ම තරුණී බලනවා. මැහුම් ගෙතුම් අත්කම් එකතුකරනවා. ඒවායින් බොහොමයක් ඒවා තවමත් මා ළඟ තියෙනවා. පැච්වර්ක්, රිබන් එම්බ්‍රොයිඩරි, වූල් වගේ නිර්මාණ කරන්න මට හැකියාව තිබුණා. කඩා වැටුණු රෙදි කඩේ ගොඩනගන්න මට මේ දැනුම ප්‍රයෝජනවත් වුණා. මම කොහොමහරි තාත්තාගේ රෙදි කඩේ කරගෙන ගියා.

 

 

2019/09/11 තරුණි බලන්න