බලන්න ලස්සන කේක් ඇසුරුමක්

සැප්තැම්බර් 18, 2019

අත්කමට හිතැති ආදරණීය ඔබ වෙනුවෙන් ගෙන එන කේක් ඇසුරුම් නිර්මාණකරණයේ තවත් පියවරකි මේ. අද අපි සරල කේක් අසුරුමක් සකසන ආකාරය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට අවශ්‍ය වර්ණයක ඝනකම් බෝඩ් හෝ කඩදාසි

ගම්

කතුර

අඩි රූල

පැන්සලක්

පතරොමක් සැකසීමයට ඝනකම් බෝඩ් කොටසක්

අවශ්‍ය වර්ණයෙන් බේබි රිබන් හෝ කෝඩ් නූල්

නිර්මාණය කිරීම

අවශ්‍ය ද්‍රව්‍ය අංක 1 රූපයෙන් දැක්වේ. ඔබ තෝරාගත් කොළය ගෙන අංක 2 රූපයේ දැක්වෙන ලෙස සෘජුකෝණාස්‍ර හැඩයක් කපාගන්න. මෙම කොටසේ දිග, පළල ඔබ සැකසීමට අපේක්ෂා කරන බෑගයේ ප්‍රමාණය අනුව හා එම බෑගයට දමන කේක් කෑල්ලේ හෝ වෙනත් ද්‍රව්‍යයක් දමන්නේ නම් එහි ප්‍රමාණය මත තීරණය වේ. දැන් එය හරි මැදින් දෙකට නමන්න. පසුව හරි මැද සිට දෙපැත්තටම අඟල් භාගය හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ද සමානව නමන්න. දැන් අංක 3 රූපය අනුව දෙපස රවුම් හැඩයට කපන්න. ඔබ දෙපසට නැමුවේ අඟල් භාගය බැගින් නම් පසුව අඟල් එකයි කාලක හෝ ඔබ කොළයේ හරි මැද සිට දෙපසට නැමූ ප්‍රමාණයට තවත් අඟල් කාලක් එකතුකර හෝ අවශ්‍ය උසට කොටස් දෙකක් කපාගන්න.

දැන් එම කොටස් වටේ අංක 4 රූපයේ දැක්වෙන ලෙස කපා නමාගන්න. එම කොටස් දෙක පළමු කොළයේ දෙපසින් තබා අලවාගන්න. අංක 5 රූපය බලන්න. පසුව අංක 6 හා 7 රූප අනුව ඉතිරි කොටස් අලවාගන්න. දැන් රවුම් හැඩ ඇති දෙපැත්තෙන්ම පන්චරයෙන් හිල් විද බෑගය ඇතුළට කේක් හෝ වෙනත් අවශ්‍ය දෙය දමා රිබන් යවා ගැටගසා ගන්න. කේක් බෑගය ලස්සනයි නේද?

 

2019/09/18 තරුණි බලන්න