නිවෙසේ හැඩට කදිම මැට්

දෙසැම්බර් 18, 2019

නත්තල් කෑම මේසය, මුළුතැන්ගෙය මෙන්ම විසිත්ත කාමරයේ කොෆි ටේබල් එකට ගැළපෙන මැට් කිහිපයකි. මෙවැනි ටේබල් මැට් නත්තල වෙනුවෙන් සකසා ගන්න හිතන ගෘහණියන්ටයි මේ තිළිණය. අපි මේවා නිර්මාණය කරන අයුරු බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත රෙදි

තනි පැහැ රෙදි

පැඩිං

ලයිනිං රෙදි

බයස් පටි

පතරොම් සැකසීමට කාඩ් බෝඩ්

ප‍‍්‍රස්ථාර කොළ

පැන්සල්

අඩි රූල

කතුර

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කරමු

 

ත‍‍්‍රිකෝණ මැට්

අපි පළමුව ත‍‍්‍රිකෝණ රටා මඟින් හැඩකර ඇති නිර්මාණය බලමු. ඒ සඳහා අඟල් 4×4 ප‍‍්‍රමණයට කොටුවක් ඇඳගන්න.

එය ප‍‍්‍රස්ථාර කොළයක ඇඳ කර්ණයෙන් වෙන්කර ගන්න. ඉන්පසුව කාඩ් බෝඩ් කොටසක එක් කොටසක් අලවා වටේට අඟල් ¼ මැහුම් වාසි ද ලකුණු කර පතරොම සකස්කර වටේට කතුරෙන් කපාගන්න. එම පතරොම භාවිතකර රතු, කොළ මුද්‍රිත රෙදිවලින් හා සුදු පැහැති රෙදිවලින් ත‍‍්‍රිකෝණ ඔබට අවශ්‍ය ප‍‍්‍රමාණයට කපාගන්න.

සුදු ති‍‍්‍රකෝණයක් හා මුද්‍රිත ති‍‍්‍රකෝණයක් කර්ණවලින් මූට්ටුකර කොටුවක් සකසාගන්න.

එම කොටුවේ ප‍‍්‍රමාණයට පැඩිං හා ලයිනිං කොටස් දෙකක් කපා පළමුව ති‍‍්‍රකෝණ අල්ලාගත් කොටස, ඉන්පසුව පැඩිං කොටස, ඊට යටින් ලයිනිං කොටස තබා අල්පෙනෙති ගසාගන්න. දැන් කොටස් තුන එකට අල්ලා මසා වටේට බයස් පටිය අල්ලා ගන්න. ති‍‍්‍රකෝණ හැඩයට කුවීල්ට් කරගන්න.

ලොකු මැට් එක සඳහා සුදු ති‍‍්‍රකෝණයක් හා මුද්‍රිත ති‍‍්‍රකෝණයක් කර්ණවලින් මූට්ටුකර කොටුවක් සකසාගන්න.

 

2019/12/15 තරුණි බලන්න