විරැකියාවට තිත තබන්න

පෙබරවාරි 5, 2020

වර්තමානයේ සාර්ථක ජීවිතයක් ගතකිරීමට නම් ආර්ථික අතින් ශක්තිමත් වී සිටීම වැදගත්ම අංගය වී තිබේ. ඒ සඳහා පවුලේ ගෘහමූලිකයා නැතිනම් සැමියා මතම සියලු බර පටවා නොසිට කාන්තා ඔබේ ශ්‍රම දායකත්වය බෙහෙවින් අගනේය. නිවෙසේ ගෘහණිය ලෙස ඔබේ කාලය, ශ්‍රමය මුදල් බවට පත් කිරීම මේ සඳහා අතිශය ඵලදායී විසඳුම බව හැඳින්විය හැකිය.

දැන් ඔබට සිතෙන්නට පුළුවන් “අපි කොහොමද කාලය මුදල් කරන්නේ” කියලා. ඊට හේතුව කාන්තා හැමදෙනකුම නොවේ. කිසියම් දෙයක් පිළිබඳ දැනුමක් තිබුණත් ව්‍යාපාරයක් ලෙස එය ආරම්භ කරන්නට මූල්‍යමය ශක්තියක් නොතිබිය හැකියි.

එහෙත් ඔබ එලෙස සිතමින් මුළු ගැන්වී සිටිය යුතු නොවේ. ඔබ දන්නා කිසියම් දෙයකින් ස්වයං රැකියාවක් ආරම්භ කළහොත් ඒ සඳහා වටපිටාව ගැළපෙන පරිදි නිර්මාණය වේ. වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබට කළ හැකියැයි සිතන, ඔබට ඇති හැකියාවට අනුව කුමන හෝ දෙයක් ආරම්භ කිරීමයි.

මේ සඳහා ප්‍රමාද වෙමින් සිටීමට කාලයක් නැත. අද කළ යුතු දේ අදම කළ යුතුයි. එය හෙටට කල් නොදැමිය යුතුමයි. ඒ නිසා තවත් ප්‍රමාද නොවන්න. මේ ඔබේ හොඳම කාලය බව සිතන්න. ස්වයං රැකියාවකට යොමුවීමට නිගමනයකට එන්න.

ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තා ඔබට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

නිවෙසේ දෛනික රාජකාරි, දරුවන් රැකබලා ගැනීම ආදී කටයුතු කරන ඔබට සැබෑම ශක්තිවන්ත හිතක් උරුම වී තිබේ. ඉතින් මේ ශක්තිමත් සිතට ස්වයං රැකියාවක් කිරීම බොහෝම හොඳින් සිදුකළ හැකියි.

අපේ රටේ ජනගහන ප්‍රතිශතයෙන් 53% ක් ඉක්මවා ඇත්තේ කාන්තාවන්ය. එවන් වාතාවරණයක දී ඔබ ස්වයං රැකියාවකට යොමුවීම තුළින් ආර්ථිකය ශක්තිමත් කරගැනීම බොහෝ පහසුය.

උපදෙස්

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ

සුධීර ජයරත්න

2020/02/05 තරුණි බලන්න