බිත්ති සැරසිල්ල හැඩකරන සකුරා මල්

පෙබරවාරි 12, 2020

ජපානයට ආවේණික වූ සකුරා මල් අපට සිහිකරන්නේ රෝස පැහැති මල් යායාකි. එවැනි රෝස පැහැති මල් අපේ රටේ දී ද දැකගත හැක්කේ රොබරෝසියා වැනි මල් වර්ග වෙතිනි. සකුරා මල් පිපෙන කාලයට ඒවා බිම වැටී රෝස පැහැති මල් පලස් නිර්මාණය කරයි.

රෝබරෝසියා මල් ද එලෙස බිම මල් පලස් නිර්මාණය කරන්නේ නෙතු ආකර්ෂණය කරමිනි. මේ තියෙන්නේ ළා රෝස පැහැති සකුරා මල් ඉත්තකි.

බිත්ති සැරසල්ලක් හැඩකරන්නට මෙය අපූර්වත්වයකින් යුතුව ඔබටත් නිර්මාණය කරගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ළා රෝස, කොළ හා දුඹුරු වර්ණවල

ඒෆෝ කඩදාසි

හොඳින් ඇලවෙන ගම් වර්ගයක්

නිල්, කොළ හා කහ වර්ණ පාට පැන්සල්

සුදු පාට ඒෆෝ බෝඩ් කොටසක් හෝ

වෙනත් ඝනකමැති බෝඩ් කොටසක්

කුවිලිං ටූල් එක

 

නිර්මාණය කිරීම

පළමුව තෝරාගත් බෝඩ් කොටස ගෙන එහි නිල්, කොළ හා කහ වර්ණ පැන්සල් මඟින් පසුබිම මත ළාවට වර්ණ ගන්නවා ගන්න. එය පසෙකින් තබන්න. දැන් ඒෆෝ කඩදාසි අඟල් 1/8 පළලට පටි තීරු ලෙස කපාගන්න. එම තීරු දෙකක් හෝ තුනක් එක දිගට, දිග පටියක් සෑදෙන ලෙස අලවාගන්න.

2020/02/12 තරුණි බලන්න

 

උපදෙස් - ප්‍රවීණ අත්කම් හා මැහුම් උපදේශිකා

පූර්ණා කුලරත්න