කාන්තාවට රටේ ආර්ථිකයට ලොකු අත්වැලක් සැපයිය හැකියි

මාර්තු 4, 2020

බෑග්,සෙරෙප්පු නිපදවා ජීවිතය ජයගත් ධම්මිකා

 

ගැහැනිය.... ලොව සුන්දරතම වස්තුවයි. එදා මෙදා තුර ඇය පිළිබඳ නිර්වචන එමටය. උපතින් ලද බොළඳ සුකොමළ වුවත් ඇය ධෛර්යය සම්පන්න බවේ ප්‍රතිමූර්තියයි. දරුවකු බිහි කරද්දී ඇය දරන වේදනාවකට ලොව අන් කිසිම පීඩනයකට සම කළ නොහැකිය.

එවන් ශක්තියක් හිමි ඔබට පවුලේ ආර්ථිකයට, දිරියක් ලබාදීම අභියෝගයක් නොවන්නේය.

දිරියට සවියක් විශේෂාංගයෙන් එවන් ළඳුන් ඇගයීමේදි තවත් රටේ සුවහසක් කතුන් ස්ව උත්සාහයෙන් නැගී සිටීමට පෙළඹීම තරුණී අපේ වෑයමයි. ඔවුන් තුළ දලුලා වැඩෙන ව්‍යාපාරික අදහස් අපුර්වත්වයකින් යුතුව යථාර්ථයක් කරගන්නට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) ලබා දෙන සහයෝගය අති විශිෂ්ටය. ඔවුන් ලබා දුන් සහයෝගයත් තමන් සතු උත්සාහයත් මතින් ජීවිතය ජයගත් ඇය ධම්මිකා උදේකාන්ති යි.

ගාල්ලේ පොලිසිය වත්ත, කෙරදේවල, මාජුමාන (හික්කඩුව හරහා) පිහිටි  D&J  පාවහන් සහ බෑග් නිෂ්පාදනාගාරයේ හිමිකාරිණිය ඇයයි.

2020/03/04 තරුණි බලන්න