කොරෝනා වසංගතය වෙස්වළාගත් ආශීර්වාදයක් කරගත් නදීකා සුභාෂිණී

ජුනි 23, 2020

ඔබ ජීවිතයේ යමක් කරන්නට උත්සාහ කළ අයෙක්ද ? ගත් උත්සහය සාර්ථක වුණාද ? නැත්නම් අසාර්ථක වුණාද ? නිසැකවම පළමු වර උත්සාහය සාර්ථක නොවන්නට ඇති. පුංචිම පුංචි ස්වයං රැකියාවක් නම් එය අතරමඟදී අඩාල වන්නට ඇති. ඒ නිසා එය ඔබ අතහැර දැමුවා විය හැකියි.

තෝමස් අල්වා එඩිසන් කියන්නේ ලෝකය අඳුරෙන් එළියට ගෙන ආ විශිෂ්ටයා. ඔහු 999 වතාවක් අසාර්ථක වූවකි. සාර්ථකත්වයේ කුලුණු පාරාජිතයින් වේ කියමන යථාර්ථයක් කරමින් දහස්වැනි වතාවේදී බල්බය නිපදවන්නට ඔහුට හැකිවුණා.

අප මේ පූර්විකාව සපයමින් මේ සටහන තබන්නේ එසේ පරාජය අභිමුවේ පරාජය නොවී ජීවිතයේ සාර්ථකත්වය සොයා ගිය කෙනකු හඳුන්වාදෙන්නටය.

ඇය නදීකා සුභාෂිණී. අංක 398/බ් උඩුපිල,දෙල්ගොඩ 'ශෂී ප්‍රඩක්ෂන්' (Shashi Production - Cool & Care)  නිෂ්පාදනාගාරයේ සාඩම්බර හිමිකාරිණියයි. මේ නිෂ්පාදන සිදු කරන්නට පෙර ඇය ස්වයං රැකියා 18ක් පටන් අරගත් අයෙකි. වරින් වර විවිධ හේතූන් මත ඒවා අසාර්ථක වී තිබේ. වැටුණු තැනින් ගොඩ එන්නට නම් යළි යළිත් උත්සාහ කළ යුතුයි යන්න දැඩි ලෙස විශ්වාස කළ දිරිය කතකි. සැබැවින්ම ඇය අද ජීවිතය දිනා ඇත. මේ වනවිට තමාගේම කියා දෙමහල් නිවහනක්, වාහනයක්, ආදරණීය පවුල් ජීවිතයක් යන මේ සියල්ලක් හිමිය. අද ඇයට දිනන්නට වෙනත් යමක් නොවෙයි. මේ ඇගේ දිරිය කතාවයි. ඔබත් මෙය ආදර්ශයට ගන්න. නුදුරු දිනකදී තරුණී පත් ඉරුවක ඔබේ දිරිය කතාව ලියන්නට අප සූදානම්.

"මම ඉපදුණේ නුගේගොඩ. කොළඹ ප්‍රධාන පෙළේ නගරයක් නිසා ඔබ හිතයි සැප සම්පත් පිරි ගෙදරක කෙනෙක් කියලා. ඇත්තටම නැහැ. මමයි මගෙ අම්මයි, තාත්තයි, මල්ලියි ජීවත් වුණේ පුංචිම පුංචි කුලී නිවහනක. තාත්තා ත්‍රීවිල් රථ රියැදුරෙක්. මම දන්න කියන කාලෙ පටන්ම අම්මා එක එක ස්වයං රැකියා කළා අපව ජීවත් කරන්න. කොට්ට උර, බෙඩ් ෂීට් මැහුවා. පිට්ටු තම්බලා විකුණුවා. දවල් රෑ නොබලා වෙහෙසුණා. මේ දුක මට තවත් බලන් ඉන්න බැරිම තැනට ආවා. මම සාමාන්‍ය පෙළ කළේ මරදාන ආනන්ද බාලිකාවේ.උසස් පෙළට සමත් වුණා. ඒත් පවුලේ තිබුණු අසරණ කම දිහා බල බලා තවත් ඉගෙන ගන්න හිත දුන්නේ නැහැ. මම තීරණයක් ගත්තා. මගෙ මල්ලිට හොඳට උගන්වන්න හිතාගෙන අධ්‍යාපනයට සමු දෙන්න. ඒ අනුව මම පාසල් ගමන නවත්තලා රැකියාවක් කරන්න තීරණය කළා. ඒත් රැකියාවක් හොයන එක ලේසි වුණේ නැහැ. ඇඟලුම් කර්මාන්තයකට යොමු වෙන්න මහන්න දැනන් හිටියේ නැහැ.

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.