ළදරු ඇඳුම් දමන්න ලස්සන බෑගයක්

ජූලි 15, 2020

 

අලුතින් පවුලට එකතු වෙන්න යන සිඟිත්තාගේ ආම්පන්න අසුරා රැගෙන යන්නට කදිම හුරුබුහුටි බෑගයකි මේ. විකිණීමට බෑග් නිර්මාණය කරන ඔබට මෙන්ම අම්මා කෙනෙක් වීමට සිටින ඔබටත් මේ බෑගය පහසුවෙන් මසාගන්නට හැකියි.

බෑගය වඩාත් ලස්සන වන්නේ ඊට ගැළපෙන ආකාරයෙන් රෙදි තොරාගැනීමෙනි. ඒ නිසා රෙදි තොරාගැනීමේ දී සැලකිලිමත් වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

තමන් කැමැති වර්ගයක

රෙදි මීටර ½ක්

පැඩිං හෝ ස්පොන්ජ් යාර ¾ක්

නොම්බර 5 සිපර් යාරයක්

අඟල් ½ පළල ඉලාස්ටික්

අඟල් 10ක්

ලයිනිං සඳහා පොප්ලින්

යාරයක්

 

නිර්මාණය කිරීම

පළමුවෙන්ම බෑගයේ පතරොම සකස්කර ගන්නා ආකාරය ඉගෙන ගනිමු. අප දී ඇති සියලුම කොටස්වල මිමි අඟල්වලින් දක්වා ඇත.

මේ සඳහා පළමුවෙන් ම අංක 1 රූපයේ පෙනෙන පරිදි එම රවුමේ විශ්කම්භයේ ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් ද ලයිනිං කොටස් දෙකක් ද ස්පොන්ජ් කොටස් දෙකක් ද කපා ගත යුතුය. දැන් අංක 2 රූපයේ පෙනෙන පරිදි රෙදි කොටසක්, ලයිනිං කොටසක් සහ ස්පොන්ජ් කොටසක් කපා ගන්න. ඒ සිපර් බෑන්ඩ් එක සඳහා ය.

 

උපදෙස් ප්‍රවීණ මැහුම් උපදේශිකා

සේපාලිකා විතානගේ

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.