ගමන බිමන පහසු කරන ආකර්ෂණීය ට්‍රැවලිං බෑගයක්

අගෝස්තු 5, 2020

ලුත් දේ දකින අලුතින් යමක් හිතන නිර්මාණශීලී දැතක් හිමි ඔබ වෙනුවෙන් විවිධ බෑග් විලාසිතා අපි ඔබට තිළිණ කර ඇත්තෙමු. මේ විශේෂාංගයට නව අරුතක් එක් කරමින් විවිධ වර්ගයේ බෑග් විලාසිතා මසාගන්නා ආකාරය ඔබට කියාදෙන්න අද සිට අලුත් පියවරක් තබනවා.

වසර ගණනාවක සිට මේ බෑග් විලාසිතා මැසීමේ ක්ෂේත්‍රයේ නියැළී සිටින දක්ෂ ශිල්පිනියක් වන දීපිකා රාජපක්ෂ ඒ සඳහා අප හා එක්වෙනවා. බලන්න, ඇය ඉදිරිපත්කරන මේ බෑග් විලාසිතා ස්වයං රැකියාවක් ලෙසින් මෙම ක්ෂේත්‍රයේ නියැළී සිටින ඔබට වටිනාම තිළිණයක් නේද කියලා.

 

බෑග් එකක් නිර්මාණය කරන්න හුඟක් මිල අධික දේවල් වැය වෙන්නෙ නැහැ. ඒත් ඔබ නිර්මාණය කරන බෑගය වඩාත් නිර්මාණශීලී නම් ඉහළ මිලකට අළෙවි කළ හැකියි. ඒ නිසාම මෙය ඔබට කදිම ස්වයං රැකියාවකට මඟ පාදා දේවි.

 

බෑග් නිර්මාණයට අවශ්‍ය දේවල්

අත්යන්ත්‍ර හෝ වෙනත් මුද්‍රිත රෙදි

තනි පැහැති රෙදි

ලයිනිං රෙදි

කැම්බ්‍රෙල්ලා රෙදි හෝ ටැපටා රෙදි

සියර්, ඊවා ෂීට්

හැඩල්

ගාංචු සහ ලස්සන කිරීමට විවිධ ද්‍රව්‍ය

බකල්, ඉලාස්ටික්

ආදී සියලුම අමුද්‍රව්‍ය පිටකොටුව කුමාර වීදියේදී ඔබට ලබාගැනීමට පුළුවනි.

 

අද අපි පළමු පාඩමෙන්

කුඩා ප්‍රමාණයේ ට්‍රැවලිං බෑගයක් මසමු

නිල්, රතු, කොළ, තැඹිලි වර්ණයන්ගෙන් හැඩවූ ලස්සන බෑගයකි. ගමන් බිමන් යනවිට තමන්ට අවශ්‍ය හැම දෙයක්ම දාගෙන යන්න පුළුවන් ට්‍රැවලිං බෑග් එකක් ඔබේ අතින්ම මෙලෙස මසාගන්න.

 

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.