පින් පුරන ඔබට කඨින පිංකමට පූජා කරන්න

මුතු කුඩයක්
සැප්තැම්බර් 2, 2020

 

බෞද්ධයන්ට වඩාත් සුවිශේෂී කාලවකවානුවක් වන වස්සාන සමයයි මේ එළැඹ තිබෙන්නේ. ඒ නිසාම සවස් කාලයේදී වෙහෙර විහාරස්ථානල පිංකම් සිදුවෙනවා.

ඒ වගේම තවත් මසකින් එකහමාරකින් එහා පවත්වන කඨින පිංකම් වෙනුවෙන් බොහෝ දෙනා දැන් දැන්ම වෙහෙසෙනවාත් දැකිය හැකියි.

ඉතිං අප මෙවර කඨින පිංකමේදී මහත්ඵල ආනිසංස ගෙන දෙන මුතු කුඩයක් නිර්මාණය කරගන්නට ඔබට කියාදෙන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

වැඩ නොදැමූ කහ මුතු කුඩයක්

රෙදි අලවන ගම් වර්ගයක්

මෙරූන් පාට වෙල්වට් රෙදි යාරයක්

මෙරූන් පැහැති රේන්ද යාර 8 ක්

මේරූන් පැහැති පබළු

ගෝල්ඩ් පැහැති පබළු

නිර්මාණය කිරීම

පළමුව මෙරූන් පැහැති වෙල්වට් රෙදි කොටස ගෙන අඟල් 16 ක් දිගට අඟල් 8 ක් පළලට මල් පෙත්තක හැඩයට පෙති 8 ක් කපාගන්න. ඉන් පසු කුඩයේ නණ උඩින් සිටින සේ ගම් භාවිතයෙන් මල්පෙති කුඩය මත අලවා ගන්න. නැතිනම් මසා ගැනීමටද පුළුවනි.

 

උපදෙස් - අත්කම් නිර්මාණ ශිල්පිනී

ගයනි සමරසේකර

 

ඡායා  - උපාලි ජයරත්න

 

2020/09/02 තරුණි බලන්න