ගෘහ අලංකරණය, අත්කම්, ආහාර නිෂ්පාදනය ආදී ක්ෂේත්‍ර ගණනාවකින්

ඔබ හමුවට එන යකඩ ගැහැනිය
සැප්තැම්බර් 30, 2020

ය සිත්තරාවකි. එනිසාම පින්සල ඇගේ හොඳම යෙහෙළියයි. සිතුවම් කලාව, මූර්ති නිර්මාණය, අත්කම් ඇගේ ජීවයයි. සූුප ශාස්ත්‍රයටත් අපුරු අත්ගුණයක් ඈ සතුයි.

මේ සියල්ලට උපන් හපන්කම් දක්වන ඇය ජේ. තිළිණි ප්‍රසංගිකා යි. මේ දිරිය කාන්තාව අපට හමුවූයේ අංක 82, මිහිඳුම් තැන්න, දුහුල්මුරේ, තලාතුඔය, මහනුවර දීය.

තරුණී පාඨක ඔබට නම් තිළිණි ප්‍රසංගිකා කියන්නේ නුහුරු නමක් නොවේ. ඒ ඇය තරුණී පිටු අතරින් කාන්තා ඔබට පින්තාරු කලාවේ විවිධ ඉසව් හඳුන්වා දුන් නිසයි. අද ඇය තමන්ගේ ඒ සිත්තර හැකියාවට තවත් දුර ගමනක්. ගිහින් ස්වයං රැකියාලාභිනියන් ලෙස මෙලෙස ඔබ හමුවට එනවා.

තිළිණි සතු සහජ දක්ෂතා විටෙක ඇගේම මානසික සුවය සුපසන් කරවයි. ඒ බව ඇය කීවේ මහත් සතුටකිනි. සැබෑව, තමන්ගේම කියා නිර්මාණයකින් යමක් ගොඩනැගුණු තැන ඇත්තේ ඉහළ ආත්ම තෘප්තියකි.

තරුණී අපිත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයත් (ඉඡ්ච්) එක්ව පුන පුනා ඔබව දිරි ගන්වන්නේ ඔබේත් හෙට දවස පැහැබර වනු පිණිසය.

තිරසාර සංවර්ධනයකට වෙර දරන අපේ රටට ඔබ වැනි දිරිය කතුන් අවැසිම යුගයයි මේ.

දුෂ්කරය කියා අත් නොහැරි තිළිණිගේ කතාව මෙසේ දිග හරිනුයේ ඔබේ ජීවිතයට යමක් එකතු කර ගනු පිණිසය.

 

 

2020/09/30 තරුණි පුවපත බලන්න