ඕකිඩ් මල් ගෙනෙන විස්මය

ඔක්තෝබර් 14, 2020

යිසිං මල් කලාවේ සුන්දරත්වය අත්විඳින්න ඔබත් කැමැතියි. ඒ නිසාම විවිධ මල් මේ කලාවෙන් නිර්මාණය කරගන්නා ආකාරය අපි ඔබට පහදා දුන්නෙමු. අද මල් ලොව ආඩම්බරකාරිය වූ ඕකිඩ් මල් කොමලිය අයිසිං මල් කලාවෙන් හැඩකරන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ඩ්ස්ටිං පවුඩර්

කටර් සහ ටූල්

ගේජ් 26 කම්බි

නිර්මාණය කිරීම

පළමුව කුඩා අයිසිං බෝලයක් ගෙන කම්බි කොටසට අමුණා ගන්න. පසුව එය තුනීකර පළමු ඡායාරූපයේ දැක්වෙන පරිදි කටර් තබා පෙති කපා ගන්න. එහිදී ලොකු පෙත්තෙන් පෙති 3ක් සහ පොඩි පෙත්තෙන් පෙති 2ක් වශයෙන් පෙති කපා ගත යුතුයි. දෙවැනි පෙත්ත හැඩ කිරීම සඳහා කටරයෙන්ම අංශය කපා හැඩ කරගත හැකියි. ඉන්පසු මෙම පෙති මත ඩස්ටිං පවුඩර් ආලේප කරන්න. දැන් දෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට මල් පෙති වේනර් කරගන්න. පසුව වේනර් කරගත් මල් පෙති පිටුපසට නමා අංශය ද අතින් හැඩ කරන්න. එය තෙවැනි ඡායාරූපයෙන් දැක්වේ.

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

2020/10/14 තරුණි පුවත්පත බලන්න.