මම නිර්මාණය කළ පළමු සාරිය යාළුවෙක් සල්ලි දීලා ගත්තා

නිර්මාණශීලී හැකියාවෙන් බතික් ව්‍යාපාරයක හිමිකාරිනියක වූ රුවන්ති අයේෂා
ඔක්තෝබර් 28, 2020

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට උපරිම දායකත්වය ලබා දීම සඳහා රැකියා විරහිත තරුණ පෙළ තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඉඡ්ච් හා බැඳී සුවිශේෂී මෙහෙවරකි.

එයින් නිසි ඵල නෙළාගත් ව්‍යවසායකයන් සොයා යන තරුණී ‘දිරියට සවියක්‘ විශේෂාංගයෙන් අද ඔබට කියන්නේ තවත් එක් සුවිශේෂී දිරිය යුවතියක් වන රුවන්ති අයේෂා ගැනයි.

ඇය කෑගල්ල මිහිසර රූ බතික් ක්‍රියේෂන්ස් හිමිකාරිණියයි. අද බොහොමයක් තරුණ තරුණියන් උසස් පෙළින් පසුව රැකියා විරහිත ලැයිස්තුවේ සාමාජික සාමාජිකාවන් වෙනවා. එක්තරා අතකින් මෙය තරුණ ජවය රටට අහිමි වීමක්.

එවන් යුගයක මැය රටට සුවිශේෂී සම්පතකි. තමන් සතු හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන එයින් ව්‍යාපාරයක් බිහිකර පවත්වාගෙන යන ඇය සැබෑම දිරිය දියණියක්.

‘‘මම ඉපදුණේ සබරගමු පුරවරයේ කෑගල්ලේ. පවුලේ බාලම දියණිය විදිහට අම්මා, අප්පච්චී, අයියලා සහ අක්කලා දෙදෙනාගේ ආදරයට මැදිවෙලා මම සතුටින් ජීවිතය ගතකළා. මගෙ අප්පච්චී දැව මෝලක හිමිකරුවෙක්. ඒ නිසා අපි කාටවත් ලොකු අගහිඟකමක් තිබුණේ නැහැ. අයියලා. අක්කලා සහ මම හොඳීන් අධ්‍යාපන කටයුතු කළා. මම කෑගල්ල බණ්ඩාරනායක මහ විද්‍යාලයෙන් 2013 වසරේ අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරුවා. .වාණිජ අංශයෙන් උසස් පෙළ කළත් මගේ හිත හැමදාමත් කලාවට බරයි. උපතින් චිත්‍ර ඇඳීමේ හැකියාවක් මට තිබෙන නිසා මම බතික් පාඨමාලාවක් හැදෑරීමට යොමුවුණා.

 

2020/10/28 තරුණි පුවත්පත බලන්න.