රෙද්ද මත නිර්මාණ ඇඳීමට ඉටි ද්‍රාවණය සාදන අයුරු

පෙබරවාරි 24, 2021

 

බතික් කලාව හැදෑරීමේ මූලික පියවර වන්නේ බතික් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳුනා ගැනීම

 

සහ බතික් කිරීමට අවශ්‍ය උපකරණ හඳුනා ගැනීමයි. පසුගිය පාඩම් හරහා අප ඔබට බතික් කලාවේ අමුද්‍රව්‍ය හා උපකරණ බොහොමයක් හඳුන්වා දුන්නෙමු. අමුද්‍රව්‍ය හා උපකරණ තරම්ම බතික් කලාවේ තවත් සුවිශේෂි අංගයක් වන්නේ ඉටි කිරීමයි. බතික් කලාව හදාරන කෙනකු අනිවාර්යයෙන් ඉටි මිශ්‍රණය සකස් කිරීම හා එම ඉටි රෙද්දට යොදනු ලබන ආකාරය ගැන අවබෝධයක් තිබිය යුතුය. බතික් කලාවේ දී රෙද්ද මත අලංකාර නිර්මාණ මතුකරගනු ලබන්නේ ඉටි කිරීම මගින් වීම ඊට හේතුවයි. මේ ගැන ඔබට මනා පුහුණුවක් අවශ්‍යවේ. මෙම පාඩම් ක‍්‍රමාණුකූලව අධ්‍යයනය කිරීම සහ කිහිප විටක් රෙදි සාම්පල කිහිපයක් මත ඉටි කිරීම අත්හදා බලා පුහුණුවක් ලබා ගැනීමෙන් ඔබට අත හුරු කරගත හැකිය.

 

ඉටි මිශ්‍රණය සාදන්නේ මෙහෙමයි.

බතික් කිරීමේදී භාවිතා කරනු ලබන්නේ පිරිසිදු ෆැරපින් ඉටිය. පැරපින් ඉටි වලට මී ඉටි සහ රට

දුම්මල නියමිත අනුපාතයට එක්ක උණු කිරීම මගින් ඉටි මිශ්‍රණය සකස් කරගනු ලබයි අප බතික් කිරීමට ගන්නා රෙදි වර්ගය අනුව ඉටි මිශ්‍රණය සඳහා යොදන මී ඉටි සහ රට දුම්මල ප්‍රමාණ වල යම් වෙනස්කම් ඇත.

 

කපු රෙදි සඳහා සාදන ඉටි මිශ්‍රණය සඳහා ද්‍රව්‍ය යොදන අනුපාතය

ෆැරපින් ඉටි කි ග්‍රෑ 1 යි

මී ඉටි ග්‍රෑම් 25 යි

රට දුමම්ල ග්‍රෑම් 10යි

සිල්ක් රෙදි සඳහා ඉටි මිශ්‍රණය සඳහා ද්‍රව්‍ය යොදන අනුපාතය

ෆැරපින් ඉටි කි ග්‍රෑ 1 යි

මී ඉටි ග්‍රෑම් 100 යි

රට දුම්මල ග්‍රෑම් 10 යි

ඉටි මිශ්‍රණය සෑදීමේදී ද්‍රව්‍ය යොදන අනුපාතයන් වෙනස් වුවත් ඉටි ද්‍රාවණ සකස් කරගනු

ලබන්නේ එකම ආකාරයටය. දැන් අපි මෙම ඉටි ද්‍රාවණය සාදා ගන්නා අන්දම සලකා බලමු අප මුල් පාඩම්වල ඉදිරිපත් කළ අන්දමට ඉටි ද්‍රාවණය සෑදීමට පහසුවෙන් උෂ්ණත්වය පාලනය කරගත හැකි භූමිතෙල් ළිපක් ඇළුමිනියම් හෝ සුදු යකඩ තරමක් කුඩා භාජනයක් සහ එම භාජනය දැමිය හැකි තවත් භාජනයක් අවශ්‍ය වේ. ප්‍රමාණයෙන් ලොකු භාජනයට ජලය යොදා ළිප මත තබන්න. ප්‍රමාණයෙන් කුඩා භාජනය ගෙන එයට ෆැරපින් ඉටි පිහියක ආධාරයෙන් කුඩා කැබැලි වලට කඩා දමන්න. ළිප මත ඇති වතුර බඳුන තුළට ඉටි දැමු භාජනය බහාලන්න. කිසිසේත් ෆැරපින් ඉටි භුමිතෙල් ළිපෙහි දැල්ලට නිරාවරණය වීමට ඉඩ නොතැබීමට වග බලා ගන්න. මන්ද එම ඉටි ගිනි ඇවිලෙන සුළු බැවිනි. ෆැපින් ඉටි රත්වන විට මී ඉටි සහ රට දුම්මල ද කුඩා කැබැලි කඩා එයට දමන්න. මෙලෙස සාදාගත් ඉටි ද්‍රාවනය ටූල් එකක් හෝ බුරුසුවක් ආධාරයෙන් නිර්මාණය මත ඇඳ ගැනීමට පුළුවන. රෙද්දක් ඉටි කරගන්නා ආකාරය Kenuri Batikයූ ටියුබ් නාළිකාව ඔස්සේ ද ඔබට වැඩිදුරටත් අධ්‍යයනය හැකිය.

 

 

 

ඉදිරිපත් කිරීම Kenuri Batik ආයතනයේ අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

 

 

ඡායා

ආසිරි උපේන්ද්‍ර ඩයස්