අකුණු අනතුරුවලින් ආරක්ෂා වෙන්න මෙන්න නිවැරැදි පිළිවෙළ

මැයි 27, 2020

කොරෝනා වසංගතය පිළිබඳ බිය තාමත් ඈත් වෙලා නෑ. හැමෝම ඒ ගැන් බියෙන් ඉන්න මොහොතක බෙංගාල බොක්කේ පීඩනයක් නිසා ඇතිවුණු අන්ෆන් සුළි කුණාටුවත් සමඟ මහ වැසි ඇද හැළෙන අතර අකුණු අනතුරු ගැනත් බහුලව කියැවෙනවා.

පසුගිය දාක කුඩා දරුවකුත් අකුණු අනතුරකට මුහුණ දුන්නා. අකුණු අනතුරුවලින් බේරෙන හැටි මොනතරම් කියා දුන්නත් බොහෝ දෙනෙක් ඒ පිළිබඳ දැනුවත් නෑ. කොළඹ ජාතික රෝහලේ ජාතික හෙද පුහුණුකිරිමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මේ පිළබඳ නිරන්තරව මහජනතාව දැනුවත් කරනවා. මේ තියෙන්නේ ඈ ඡායාරූප සහිතව අකුණු අනතුරු වළකා ගන්නා ආකාරය පහදා දී ඇති ආකාරයයි.

 

 

ආපදා මල්ලක තිබිය යුතු දේවල්

 

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා ගං වතුර මෙන්ම නාය යාමේ අනතුරු ද බහුලයි. ඔබ එවැනි අනතුරු සිදුවිය හැකි ප්‍රදේශයක නම් හිඳීන්නේ හදිසි අවස්ථාවකට මුහුණ දීමට කල් ඇතිව සූදානම් වීම සිදුවිය හැකි ගැටලු බොහොමයක් වළක්වාගත ගැකියි. ඒ නිසා එවැනි ප්‍රදේශයක හිඳීි නම් ආපදා මල්ලක් කල් ඇතුව සූදානම් කර තබන්න. එම ආපදා මල්ලේ පහත සඳහන් දෑ තිබිය යුතුයි.

වැදගත් ලිපි ලේඛන

උප්පැන්න සහතික, මරණ සහතික,

විවාහ සහතික

අධ්‍යාපන සහතික, වාහන ලිපි ලේඛන,

බැංකු පොත්

වෙනත් වැදගත් සහතික

ජාතික හැඳුනුම්පත, විදේශ ගමන්

බලපත්‍රය

වෙද්‍ය සහතික, වෛද්‍ය සායනික

කාඩ් සහ ඖෂධ වට්ටෝරු

අවශ්‍ය ඖෂධ

වතුර බෝතල්/ කුඩා රේඩියෝවක්/

විදුලි පන්දමක්

සනීපාරක්ෂක ද්‍රව්‍ය

දුරකතන, චාජර්, පවුලේ දුරකතන නාමාවලියක්

වැඩිහිටියන්ට හා දරුවන්ට අත්‍යවශ්‍ය උපකරණ

රන් භාණ්ඩ හා මුදල්

බිස්කට්, චොක්ලට් වැනි කෙටි ආහාර , මෙය පහසුවෙන් ගෙනයා හැකි සැහැල්ලු බෑගයක් විය යුතුය