දරුවන් ප්‍රමාදයට ජාන පරීක්ෂාවක්

ජූලි 29, 2020

දරුවන් සම්බන්ධයෙන් මවුවරුන්ට පැන නැඟෙන ගැටලු, කෑම සම්බන්ධ ගැටලු, දරුඵල නොමැතිව, කාන්තාවන්, පිරිමින් මඳසරුබවින් පෙ⁣ළෙමින් සිටියදී ඔවුන්ගේ ගැටලු සඳහා පිළිතුරු යනාදිය මෙවර අපේ මිස්ගෙන් අහන්න විශේෂාංගයේ අවධානය යොමුවේ.

දරුවන් ප්‍රමාද වෙන විට ජාන පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය බව සමහර වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි.

එය සිදු කර ගන්නේ කෙසේද ?

සායනික ප්‍රවේණි විද්‍යාවේ දී වෛද්‍යවරයකු (clinical Geneticist)  ගේ සහාය මේ සඳහා ලබා ගත හැකිය.

මේ සඳහා කරනු ලබන්නේ genatic karyotypining/ cromasome analysis නම් පරීක්ෂණ යි.

මඳ සරුභාවයට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු වීමට ප්‍රථම ජානමය උපදේශනයකට (genetic counseling )යොමු වීම වඩා සුදුසුය.

ජාන පරීක්ෂණයක් සිදුකිරීම මඟින් ඔබගේ මඳසරු භාවයට හේතු විය හැකි තත්ත්ව හඳුනාගත හැකි අතර ඉපදෙන දරුවාට ජානමය රෝගී තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව හඳුනාගත හැකියි.

ජාන පරීක්ෂා සිදු කළ යුතු අවස්ථා

ලිංගිකව ක්‍රියාශීලි යුවළක් උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර ලිංගිකව එකතු වී නමුත් වසරකට වැඩි කාලයක් ගර්භණී තත්ත්වයට පත් නොවීම.

අඛණ්ඩව වාර දෙකකට වඩා ගබ්සා සිදු වී තිබීම.

ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොමැති වීම හෝ ඉතා අඩු ප්‍රමාණ තිබීම .

මල දරු උපත් සිදු වීම

ඩිම්බ කෝෂ අක්‍රිය වීම හෝ එවැනි රෝග තත්ත්ව IVF වැනි උසස් අදියරේ ප්‍රජනක තාක්ෂණික ක්‍රම ප්‍රතිකාරවලට ඔබ සූදානම් වී නම්

මඳසරු බවට ප්‍රතිකාර ගැනීමට පෙර ද සමහර විටෙක වෛද්‍යවරුන් ජානමය උපදේශන සේවාවකට යුවළ යොමු වීම සුදුසු බව යෝජනා කරයි.

 

ජාන පරීක්ෂණයකදී සිදු කරන්නේ කුමක්ද ?

රුධිර සාම්පලයක් ලබා ගෙන එහි ඇති සුදු රුධිරාණු රසායනාගාරයේදී වර්ධනය වීමට සලස්වා ඒවායේ වර්ණ දේහවල හැඩය ප්‍රමාණය පිළිවෙළ ආදිය සොයා බලයි.

 

"අපේ මිස්"

යූ ටියුබ් නාලිකාව

"අපේ මිස්"

ෆේස්බුක් සමූහය

babycare lanka

වෙත ලැබෙන අම්මලාගේ සිතේ දැවෙන ප්‍රශ්න අතුරින් අතිශය වැදගත් තෝරාගත් ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් තරුණී වෙතින් ඔබට තිළිණ වේ.

 

2020/07/29 තරුණි බලන්න