පිරිමින්ගේ සරු කාලය පිළිබඳ අවබෝධය

දරු ඵල පිළිබඳ සුබ සිහිනය යථාර්ථයක් කරගැනීමට
අගෝස්තු 12, 2020

විවාහපත් යුවළකගේ සුබ සිහින යථාර්ථයක් බවට පත් කරමින් කුලුඳුලේ ගැබ් ගැනීම සතුට දෝරේ ගලා යන කාරණයක්. එහෙත් එය එසේ නොවීම නිසා පශ්චාත්තාපයට පත් වූ යුවළ ඕනෑතරම්.කාන්තා, පිරිමි දෙපාර්ශ්වයම පොදුවේ මඳසරු බවින් පෙළෙයි. ඇතැම් විට සුළු සුළු කාරණා නිසා දරුවන් නැති සොවින් පෙළෙයි.

පහසුවෙන් දුරලිය හැකි කාරණා නිසා ඇතැමුන්ගේ කාලය, වයස නිරපරාදේ ගෙවී ගොසිනි.

ශ්‍යාමලී පතිරගේ නම් වූ ඇය මාතෘ උපදේශිකාවක ලෙසින් මෙවැනි ගැටලු පහසුවෙන් හඳුනා ගෙන ඊට විසඳුම් සපයන්නේ තරුණී පාඨක ඔබට දක්වන ළෙන්ගතු බවිනි.

මාස දෙකකට පමණ පෙර විවාහපත් වූ මට සරු කාලය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න.

සරු කාලය හෙවත් පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි කාලය

*පිළිසිඳ ගැනීමට නම් ඩිම්බ කෝෂයෙන් මේරූ ඩිමිබයක් (බිත්තරයක්) මුදා හළ යුතුයි.

මසකට එක්වරක් කෝෂයෙන් ඩිමිබයක් නිකුත් කරයි. ඩිම්බ උත්තේජන ඖෂධ උදා : (Clomiphene citrate) ගැනීමෙන් වැඩිපුර ඩිම්බ නිකුත් වේ.

*ඩිමිබ නිකුත්වීම සිදුවන්නේ ආර්තව චක්‍රයේ මැද කොටසේදී ය.

එනම් සාමාන්‍ය දින 28 කට වරක් ආර්තවය සිදුවන කාන්තාවකගේ නම් දින 14 දී හෝ ඊට ආසන්නයේදී ය.

*මුදාහළ ඩිම්බයක් ජීවත්වන කාලය

පැය 24 (දින 1) කි.

*මුදාහළ ශුකාණුවක් ජීවත්වන කාලය පැය 72 (දින 3) කි.

  •  සරු කාලය (පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි කාලය) ලෙස ගැනෙන්නේ මේ ඩිම්බය සජිවීව සිටින හා ශුකාණු ඇතුළු වුවහොත් සංසේචනයක් වීමට ඉඩ ඇති කාලයයි.
  •  ඩිමිබයක් නිකුත් වීමට (දින 3) තිබියදී ඇතුළු වු ශුකාණුවකින් පවා ඩිම්බය සංසේචනය කළ හැකියි. එසේම ඩිම්බය නිකුත්වී පැය 24 ක් තුළ ශුකාණු ඇතුළු වු විටත් සංසේචනය සිදුවිය හැකිය.
  •  මේ නිසා සරු කාලය එක් දිනක් පමණක් නොව දින කිහිපයක් වේ.

ඩිමිබය නිකුත්වන දිනය නිවැරැදිව කිව නොහැකි නිසා මේ කාලය ඔසප් වු දින සිට දින 8 සිට 19 දක්වා කාල පරාසයකට විහිදිය හැකි බවත් සොයා ගෙන ඇත.

 

ඩිමිබයක් නිකුත්වන දිනය සොයා ගැනීමට ක්‍රම

දින ගණන් සෑදීම

* දින 28 – 30 කට වරක් ආර්තවය සිදුවන්නේ නම් ඒ මධ්‍යයේ දිනය හා දෙපසින් ආසන්න දින කිහිපය වේ.

(12, 13, 14, 15, 16)

 

උෂ්ණත්වය මැනීම

*සෑම දිනකම නිශ්චිත වේලාවක (උදෑසන අවදි වු වහාම සුදුසුය.) ශරීර උෂ්ණත්වය මැන බලන්න. ඩිමිබ මෝචනයවන දින වන විට මේ උෂ්ණත්වය ඉතා සුළු ප්‍රමාණයකින් අංශක එකකින් දෙකකින් පමණ ඉහළට හෝ පහළට යයි.

* මෙය ප්‍රස්ථාරගත කිරීමෙන් වඩා හොඳීන් හඳුනා ගත හැකිය.

 

ඩිමිබ මෝචන පුරෝකථන කට්ටලය ර්‍ණමභතචබඪධද ර්‍ථපඥඤඪජබධප ම්ඪබ

*ඩිමිබ මෝචනය විමට ආසන්නයේ කාන්තාවගේ‍ හෝමෝන සාන්ද්‍රණයන් හි වෙනස්වීම ඇසුරෙන් ඩිම්බ මෝචනය වීම පරීක්ෂා කිරීමට විවිධ උපකරණ ඇත.

උදා: ඩිමිබ මෝචනය ආසන්න වන විට ඹ්ඩ් ‍‍හෝමෝන සාන්ද්‍රණය ඉහළ යයි.

ඒවා රුධිරය හා මුත්‍රා වල ස්වල්පව දැකිය හැකියි. ඩිමබ මෝචනය පුරෝකතන කට්ටලයේ දී ඇති උපදෙස් පරිදි මුත්‍රා සාම්පලයක් මගින් ඹ්ඩ් හෝමෝන ඉහළ යෑම ඔස්සේ නිවසේදීම සරලව පරික්ෂා කර ඩිම්බ මෝචනය වන දින දැන ගත හැකිය.

එක් කට්ටලයක් රු. 2000/- වැනි මිලකි.

 

යෝනි මඟ ස්‍රාවයන්

* ඩිමිබයක් නිකුත්වන විට යෝනි මඟින් ඉතා තුනී පැහැදිලි සෙවල සහිත (අමු බිත්තර සුදු මද වැනි) ස්‍රාවයක් නිකුත් වේ.

ඇඟිලි දෙකකින් ස්පර්ශ කළ විට ඇදෙන සුළු වේ.

මද වේදනාව

*සමහරවිට උදරයේ පහළ වම්පස හෝ දකුණු පස වේදනාව

මානසික වෙනස් වීම්

*මේ කාල සීමාව තුළ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා කාන්තාවන්ට සතුට දනවන ක්‍රියාශීලී බව දනවන හැඟීම් ඇතිවේ.

ලිංගික ආශාවන් වැඩි‍වේ. හැඟුම්බර වේ.

 

පිළිසිඳ ගැනීමක් සඳහා මුලික අවශ්‍යතා

*මසකට වරක් ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් නිකුත් වීම.

*පිටවන ඩිමිබය පැලෝපීය නාළ දිගේ ගර්භාෂයට ගමන් කිරීම.

*ලිංගික එකතු වීමක් සිදු වීම.

*පුරුෂයාගෙන් පිටවන ශුකාණු යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල හරහා ගර්භාෂයට ගමන් කර පැලෝපීය නාළ කරා ගමන් කිරීම.

*ඩිමිබය ශුකාණුවක් සමග එකතු වීම.

 

ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා සංසර්ගයෙන් පසු කලවා යටින් කොට්ටයක් තබා විනාඩි 5 -10 ක් වැතිර සිටින්න.

දිනපතා සංසර්ගයේ යෙදීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් දින 3 කට වරක් සංසර්ගයේ යෙදීමට උත්සාහ කරන්න.

 

"අපේ මිස්"  යූ ටියුබ් නාලිකාව "අපේ මිස්" ෆේස්බුක් සමූහය 
babycare lanka    වෙත ලැබෙන අම්මලාගේ සිතේ දැවෙන ප්‍රශ්න අතුරින් අතිශය වැදගත් තෝරාගත් ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් තරුණී වෙතින් ඔබට තිළිණ වේ.

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න