ඇස්ට්‍රසෙනිකා කෝවිඩ් එන්නතේ අරුම පුදුම වාසි රැසක්

මාර්තු 17, 2021

 

* දිගටම පවතින වේදනාවන්ට ද එන්නතින් සහනයක් ලැබුණු අය ඉන්නවා.

 

* එන්නත නිසා රෝගය දරුණු වීම 80% කින් අඩු කරන බව තහවුරු වෙලා

 

දඹුලුත් ගිහින් තලගොයිත් අල්ලන් එනවා වගේ නැත්නම් එක ගලෙන් කුරුල්ලන් හත් අට දෙනකුම ඉලක්ක කරනවා වගේ සමහර එන්නත් එක් රෝගයක් ඉලක්ක කර විද්දත් තවත් නො සිතූ සුව සහන ලබා දෙන බවට සාක්ෂි ඕනෑ තරම්.

Oxford-AstraZeneca එන්නතත් කෝවිඩ් ඉලක්ක කරගෙන විදිනු ලැබුව ද දැන් දැන් ඒ එන්නතේ අරුම පුදුම වාසි ගැන ලොවෙන් ඇසෙන්න පටන් අරන්. එන්නත්වලින් එන උණ, සීතලෙන් වෙව්ලීම වැනි අපහසුතා ගැන පිරිසක් කතා කරද්දී එන්නත ගත් තවත් පිරිසක් එන්නත නිසා මෙතෙක් පැවැති පීඩාකාරී අපහසුතා රැසකින් සහනයක් ලබා ගැනීමට හැකිවී ඇති බව කියා තිබෙනවා. පිළිකා, ඇල්ෂයිමර් වැනි දරුණු තත්ත්වයන් වගේම දිගටම පවතින වේදනාවන්ට ද එන්නතින් සහනයක් ලැබුණු අය ඉන්නවා. විද්‍යාඥයන් කියන්නේ මෙයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් වීම හෝ ආතති හෝර්මෝනය වැඩිවී සෛලවලට ආසාදනවලට එරෙහිව සටන් වැදීමට ඇති හැකියාව වැඩි වීම මීට හේතුව වීමට පුළුවන් බවයි. එන්නත නිසා රෝගය දරුණු වීම 80% කින් අඩු කරන බව තහවුරු වී අවසන්.

වේක්ෆීල්ඩ් වයස අවුරුදු 72 ක එංගලන්තේ ජීවත් වන සුදු මෝනා කෙනෙක්. දණහිස් බද්ධය නිසා දිගු කාලයක් වේදනාවෙන් පීඩා වින්දා. ළඟඳී ඇය Oxford-AstraZeneca එන්නත ලබා ගත්තේ කෝවිඩ් - 19 න් ආරක්ෂා වෙන්න. එන්නත ගෙන එක් රැයයි පහන් කළේ. පහුවෙනිදා දණහිස්වල තිබුණු තද ගතිය, වේදනාව අතුරුදන් වෙලා. වේක්ෆීල්ඩ්ට මේ සිදුවීම අදහා ගන්න බැරි සිදුවීමක් වුණා. " කලින් මට දණිස්ස නවන්න බැරිව හිටියෙ. දැන් කකුල දිගු කරන්න, නවන්න දෙකම පුළුවන්. " වේක්ෆීල්ඩ්ගේ සතුටට සීමා මායිම් නැතිව පබළු කැට තරම් ලොකු සතුටු කඳුළු දෑසින් ඒළියට පැන්නා. කෝවිඩ් - 19 ට එරෙහිව ලබා දෙන ඒන්නතත් ඉන්ෆ්ලුවෙන්සා එන්නත වගේ වාර්ෂිකව ලබා දීමට සිදු වෙන නිසා වසරින් වසර වේක්ෆීල්ඩ්ට වගේ බොහෝ දෙනකුට තමන්ට තියන වෙනත් රෝගාබාධවලිනුත් සහනයක් ලබා ගැනීමට හැකිවේවි.

ලෝක එන්නත් ඉතිහාසය දෙස බැලුවොත් එක් රෝගයකට දෙන එන්නතක් තවත් රෝග ගණනාවකින් සහනය ලබා දෙන අවස්ථා තිබෙනවා. හැම අවුරුද්දකම එන්නත් නිසා ලෝකයේ මරණ මිලියන 2.5 ක් වළකින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥවරියකවූ ශීනා කෲක්ෂෑන්ක් පවසන්නේ කුඩා වියේදී ක්ෂය රෝගයට එරෙහිව දෙන BCG එන්නත නිසා තවත් රෝග ගණනාවකින් දරුවන් ආරක්ෂා වුණු බවයි.

රුසියානු විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට පෝලියෝ එන්නත ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු තවත් රෝග ගණනාවකින් සහනයක් ලැබීමට උපකාර වෙනවා. BCG එන්නත මුත්‍රාශය ආශ්‍රිත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යොදා ගන්නවා. පහනින් පහනක් දැල්වෙනවා ව ගේ එක් යහපත් දෙයකින් තවත් යහපත් දෙයක් සිදුවීම බුදු දහමට අනුව ද සත්‍යයක්.

 

සින්ක්, විටමින් සීවලින් වැඩක් තියෙනවද?

 

සමහරු කෝවිඩ් - 19 රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා තමන්ම බවට පත්වෙලා. හිතු මතයට තමන්ම ප්‍රතිකාර කරගත්තත් එය කෙතරම් දුරට සාර්ථකද? නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට සින්ක් හා විටමින් සී ගැනීම වසංගත යේ ආරම්භයේ සිටම බොහෝ දෙනෙක් විසින් කරනු ලබන්නක්. ඒත් අමෙරිකාවේ ක්ලීව්ලන්ඩ් සායනයේ් පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ මේ විටමින් ගැනීමෙන් රෝගයේ දරුණු බව අඩු කිරීමට හෝ රෝගය පවතින කාලය අඩු වීමට කිසිදු බලපෑමක් සිදු නො වන බවයි.

 

විකල්ප වෛද්‍ය ක්‍රමවලට රැවටෙන්න එපා

 

සමාජ මාධ්‍ය ජාලා මඟින් ගොඩ වෙදකම්වලට මේ කාලයේ ඇති තරම් ප්‍රසිද්ධියක් ලබා දෙනවා. ඒවා පරම සත්‍ය සේ පිළිගැනීමට ඒවා නරඹන්නන් සැදී පැහැදී සිටිනවා. විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මඟින් වසංගතය සුව කළ හැකි බවට විවිධාකාරයෙන් සාධක ගෙන ආවත් පිළිගත් සරසවිවල විද්‍යාඥයන් පවසන්නේ විද්‍යාත්මකව සනාථ කළ ප්‍රතිකාර ඇර වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට නො රැවටෙන ලෙසයි. නව කෝවිඩ් - 19 ට පමණක් නො වෙයි සෞඛ්‍ය සම්බන්ධව තවත් බොහෝ අසත්‍ය කරුණු සමාජ ජාලාවල දැක්වෙනවා. කොලෙස්ට‍‍ෙරා්ල් අඩු කිරීමට දෙන ස්ටැටින්ස් ඔසුවට වඩා රතු යීස්ට් ගුණදායක වෙන බවට තිබූ අදහස එවන් අසත්‍ය කරුණුවලට එක් උදාහරණයක්.

කපු රෙද්දෙන් රැකවරණයක්

 

පරිසර හිතකාමීන් උපදෙස් දෙන්නේ හැකි තරම් කෘත්‍රිම රෙදි ඇදීමෙන් වළකින ලෙසටයි. කෝවිඩ් - 19 ටත් මේ උපදෙස හොඳීන්ම ගැළපෙනවා. විද්‍යාඥයන් සොයා ගෙන ඇති අන්දමට පොලියෙස්ටර් රෙදිවල අනෙක් සියලුම රෙදිවලට වඩා නව කොරෝනා වෛරසය දිගු කලක් පවතිනවා. එය දින 3ක් තරම් කාලයක්. කපු රෙද්දක වෛරසය පවතින්නේ දෙදිනක් පමණයි. පොලිකොට්න්වල පැය 6 ක් පවතිනවා. කොහොම වුණත් 67ෟඛ් ක උෂ්ණත්වයක රෙදි සේදීමෙන් මේ වෛරසය විනාශ කරන්න පුළුවන්.

 

අන්තර්ජාලයෙනි