දිගුකල් ජීවත්වීමේ දිව්‍යමය කලාව

දෙසැම්බර් 12, 2018

පසුගිය ලිපි කිහිපයේදීම අප ශරීරයේ අනවශ්‍ය මාංස පේශීන් දහනය කරගැනීමට හා ශක්තිමත් කරගැනීමට කළ යුතු ව්‍යායාම පිළිබඳ දැනුවත් කළා. එම ලිපිවලදී ව්‍යායාමවලට අමතරව සඳහන් කළ අනෙක් කරුණනම් සෞඛ්‍යසම්පන්න ආහාර පුරුදුයි.

පරිපූර්ණ ශරීරයක් නිර්මාණය කිරීමට නම් ව්‍යායාම පමණක් නොව සෞඛ්‍යමත් ආහාර රටාවන් ප්‍රධාන කාර්යයක් ඉටු කරනවා. බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුවක් වන්නේ සිරුරේ බර අධික ලෙස වැඩිවීමයි. මේ සඳහා මූලික වශයෙන් බලපාන්නේ සිරුරට අවශ්‍ය කරන ව්‍යායාම ප්‍රමාණවත් ලෙස නොලැබීම, වැරැදි ආහාර රටාවන,් මානසික ආතතිය හා සිරුරේ ඇතිවන හෝමෝන ප්‍රතික්‍රියාවල බලපෑමයි. වර්තමානය වන විට අපගේ ආහාර රටාවන් බොහෝ සේ වෙනස් වී ඇත. නමුත් එය කොතෙක් දුරට හොඳ අතට සිදුවී දැ ප්‍රශ්නයකි. අද වනවිට බොහෝ දෙනකු උත්සාහ දරන්නේ තම ආර්ථිකය ශක්තිමත් කරගැනීම මිස ශරීරය නිරෝගී කරගැනීම නොවෙයි. ඉතින් මේ කාර්යබහුල ජීවන රටාවෙහි නිරත වීමේදී කුසගින්නක් ආ සැණින් කොහේ හෝ තැනකින් කුමන හෝ ක්ෂණික ආහාරයක් තේ එකක් හෝ සීතල පානයක් ගැනීමට පුරුදු වී ඇත. තවද මෙම කාර්යබහුල ජීවන රටාවෙන් හටගන්නා මානසික ආතතියෙන් මිදීමට බොහෝ දෙනකු හවස්වරුව හෝ සති අන්තය එළියට ගොස් විවිධ අවන්හල්හි ,විවිධ පාන වර්ග හා අධික තෙල් සහිත

ආහාර ගැනීමට පුරුදු වී ඇත. අද තිබෙන තරගකාරීත්වයත් සමඟ බොහෝ පිරිසක් ජීවිතය ජයගෙන ඇති නමුත් ශාරීරික වශයෙන් පිරිහී ඇත. ජීවිත කාලය තුළදී තමා උපයන මුදල් අවසානයේ තමාගේ ලෙඩ රෝග සඳහාම වියදම් කිරීමට සිදුවනු ඇත. “සමබල ආහාර වේල” යන සංකල්පය අද වන විට . . .

2018/12/12 තරුණි පුවත්පත බලන්න