රුවට වින කරන ගත ලෙඩ කරන නිදි වැරීම..

දෙසැම්බර් 12, 2018

ඔබ නොදන්නවා ද විය හැකියි. වෙහෙසකර දිනයක අවසානයේ දී නම් මෙය ඔබට හොඳින් ම වැටහෙන්නට ඇති. ඒත් අද බොහෝ අයට නින්ද ලැබෙන්නේ අඩුවෙන්.

කාර්යබහුල ජීවිතයේ දී අමතර කාර්යයකට වේලාව අවශ්‍ය වුවහොත් බොහෝ වෙලාවට අපි ඒ සඳහා කැප කරන්නේ ද නින්දයි.

විශේෂයෙන් රුව ගැන සැලකිලිමත් වීමේදී අපි වැඩි දෙනෙක් වැඩි අවධානයක් යොමු කරන්නේ සම හා හිස කෙස් පිළිබඳ හා ඒවායේ ඇතිවන ආබාධ සඳහා ප්‍රතිකාර හා පිළියම් පිළිබඳයි. එහෙත් විශේෂයෙන් ම රුවට හානි ගෙන දෙන තවත් ප්‍රධානතම අංගයක් වන්නෙ නින්දයි. මෙය රුවට පමණක් නොව, කෙනකුගේ නිරෝගී බවට හා මානසික සහනයට ද වැදගත් වේ. මෙය ආයුර්වේදයේ දී හඳුන්වන්නේ ‘ත්‍රිවිධ උපස්ථම්භ’ යනුවෙනි.

යමකු සුවදායක නින්දක් නොලදහොත් රුව වියැකීම, රෝගී වීම පමණක් නොව, ආයුෂ අඩු වීමට ද හේතු විය හැකියි. නින්ද යනු සිරුර සැහැල්ලු බවට පත් කිරීමයි. මෙහිදී ගත, සිත දෙකටම විවේකයක් ලැබේ. දහවල දී කාර්යබහුල ලෙස ක්‍රියා කරන සිරුරට රාත්‍රියේ දී විවේකය අත්‍යවශ්‍ය වේ. නින්දේ දී මාංසපේශීන් ලිහිල් වේ. මෙහිදී සිරුරේ තාපය (උණුසුම) නිපදවීම අඩු වේ. මෙය නැවත සිරුරේ ප්‍රතිශක්තිකරණය ඇති කරන ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් කුඩා දරුවකුට පැය 20 ක පමණ කාලයක් ද ළමයකුට පැය 14 ක පමණ කාලයක් ද වැඩිහිටියකුට පැය 8 ක පමණ කාලයක් ද නින්ද අවශ්‍ය වේ. ගැබිනි මවකට පැය 10 ක පමණ නින්දක් අවශ්‍ය වේ.

නින්ද අඩු වීම නිසා ඇති වන හානි . . .

2018/12/12 තරුණි පුවත්පත බලන්න