නිසි රෝගියාට නිසි ප්‍රතිකාර ලැබෙන හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය

ජනවාරි 30, 2019

ජීවිතයේ ඕනෑම දෙයක් සැලසුම් සහගතව සිදුවන්නේ නැත. හදිසියේම සිදුවන දේ ඕනෑතරම් තිබේ. විශේෂයෙන් රෝගී තත්ත්වයන්ගෙන් බොහොමයක් සිදුවන්නේ හදිසියේම ය.

හදිසියේ ඇතිවන රෝගී තත්ත්වයක දී කිසිවක් කරකියාගත නොහැකි පරිද්දෙන් කලබල වීම බොහෝ පිරිසකට පොදු කාරණයක්. හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන්නේ කඩිනම් ප්‍රතිකාරයි.

ජීවිතයත් මරණත් අතර සටන් වදින ඒ මොහොතේ රෝගියා මෙන්ම රෝගියාගේ පවුලේ ඥාතීන්, හිතමිතුරන්, අසල්වැසියන්, රෝහලකට ගෙන ආවේ නම් එම කාර්යමණ්ඩලය අත රෝගියා හදිසි තත්ත්වයෙන් මුදවා ගැනීමේ වගකීම පැවරේ. මෙහිදි හදිසි ප්‍රතිකාර ලැබෙනතුරු කරනුයේ ප්‍රථමාධාරයි.

ප්‍රථමාධාර සහ හදිසි ප්‍රතිකාර යනු එකක් ද?

අනතුරකට ලක්වූ රෝගියා රෝහලට ගෙන ඒමට පෙර කරනු ලබන යම් යම් ප්‍රතිකර්ම ප්‍රථමාධාරයි. සායනික දැනුමක් නොමැතිවයි මේ ප්‍රතිකර්ම සිදුවන්නේ.

හදිසි අවස්ථාවක සිටින රෝගියෙක් නිවෙසේ සිට රෝහලට ගෙන ඒමත්, රෝහලේ දී ඉතා ඉක්මනින් ප්‍රතිකාර කොට අවශ්‍ය පියවර ගැනීම යන ක්‍රියාපටිපාටියම හදිසි ප්‍රතිකාර කොටසට අයත් වේ.

හදිසි ප්‍රතිකාර ලැබිය යුතු රෝගියෙක් රෝහලකට ඇතුළු වන්නේ කොහොමද?

රෝගී තත්ත්වයකදී එනම් පපුවේ අමාරුවක්, දියවැඩියා තත්ත්වයකින් ඇතිවන කෝමා තත්ත්වයක්, හෘද අකර්මණ්‍යතා, වලිප්පුව ආදී ලෙඩ රෝග සම්බන්ධව ඇතිවන හදිසි අවස්ථාවකදී ඇතුළු විය යුත්තේ හදිසි ප්‍රතිකාර ඒකකයටයි.  (Emergency Treatment Unit - E. T. U.)

හදිසි අනතුරු නිසාවන වැටීම්, පහරදීම් බහුලව දැකිය හැකියි. බොහෝදෙනකු සිතන්නේ හදිසි අනතුරක් නම් එය වාහන අනතුරක්මයි කියාය. බහුලව රථවාහන අනතුරු දැකිය හැකි වුවත් නිවෙසේ දී වන අනතුරු නිසා රෝහල්ගතවන පිරිස් ද බොහෝය.

මීට අමතරව ළමා රෝග නිසාවන හදිසි තත්ත්ව, ගර්භණී කාලයේ ඇතිවන සංකූලතා වන හදිසි තත්ත්ව මේ සියල්ලක්ම අයත් වන්නේ හදිසි ප්‍රතිකාර ගණයටයි. හදිසි අනතුරු අයත්වන්නේත් හදිසි ප්‍රතිකාර වෙතයි.

මේ සියලු අවස්ථා සඳහා ඉතා සුළු කාලයක දී ප්‍රතිකාර නොකළේ නම් රෝගියා මරණයට හෝ දීර්ඝකාලීන සංකූලතා ඇතිවන ත්ත්තවයට පත්වීමට පුළුවන. ළමා රෝගීන්, මහලු රෝගීන්, ගර්භණියන් මේ ආදි වශයෙන් රෝගීන් වර්ග කිහිපයකින් සිටිය හැකියි. ඒ අනුව රෝග අවස්ථා ද විවිධ වේ. මේ කුමන රෝගියකු ඇතුළු වුවද ඒ ඕනෑම කෙනකුට සුදුසුම ප්‍රතිකාරය කිරීමේ හැකියාව හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටින වෛද්‍යවරුන් සතුවේ.

නමුත් ලංකාවේ මෑතක් වනතුරුම තිබුණු තත්ත්වය වන්නේ රෝගියා විසින් තමා ඇතුළත් විය යුත්තේ කවර අංශයකට දැයි තීරණය කොට රෝහල්ගතවීමයි.

වැටීමක් නිසා රෝගියකු හදිසි අනතුරු ඒකකයට ඇතුළුවෙයි. එහෙත් රෝගියා වැටුණේ ක්ලාන්තයක්, පපුවේ වේදනාවක් නිසා විය හැකියි. මොවුන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළුවනු වෙනුවට හදිසි අනතුරු ඒකකයට ඇතුළුවීමෙන් නිසි ක්‍රමවේදයකින් යුතු ප්‍රතිකාර නොලැබී යාවි. හදිසි අනතුරු ඒකකයේ බොහෝවිට සිටින්නේ ශල්‍ය වෛද්‍යවරුය.

සාමාන්‍යයෙන් රෝගියකු පළමුව යොමුවන්නේ බාහිිර රෝගී අංශයට යි. එහිදී වෛද්‍යවරු රෝගියා කුමන අංශයට යා යුතුදැයි තීරණය කරයි. සමහර විට රෝගීන් සෘජුවම හදිසි අනතුරු ඒකකයට පැමිණෙයි. කොළඹ ජාතික රෝහලේ මේ තත්ත්වය දැකිය හැකියි. වෙනත් රෝහල්වලත් P.C.U., E.T.U.. අංශ දෙකක් ඇති විට බාහිර රෝගී අංශය මගහැර සෘජුවම මේ හා සම්බන්ධ වෙයි. බොහෝවිට බාහිර රෝගී අංශයේ හදිසි තත්ත්වයන් සඳහාවන පහසුකම් අවම වේ.

වර්තමානයේ වෙනත් රටවල හදිසි ප්‍රතිකාර තත්ත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

වෙනත් රටවල මේ ගැටලුව නිසා හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය (Accident and Emergancy Unit) යනුවෙන් එක් ඒකකයක් පිහිටුවා ඒ වෙතට රෝගීන් යොමු කරයි. මේ ඒකකයට ඇතුළු වූ පසු රෝගියා වර්ගීකරණයකට (triage) ලක්වෙයි. රෝගී තත්ත්වය, රෝග ලක්ෂණ අනුව පුහුණුව ලත් වෛද්‍යවරයකු හෝ හෙද නිලධාරියකු මෙම කර්තව්‍යය සිදු කරයි. රෝග තත්ත්වය ඉතා බරපතළ අය මෙම ඒකකයෙහි ඇති ඉතාමත්ම බරපතළ රෝගීන් ඇතුළු කරන අංශය වෙත යොමු කරයි. මේ විනාඩි 10 ක් පමණ ඇතුළත හදිසි ප්‍රතිකාර නො ලැබුවහොත් මරණය පවා සිදුවිය හැකි රෝගීන් ය.

තවත් කොටසක් මාරාන්තික නොවුණත් පැයක්, පැය 1/2 ක් ඇතුළත හදිසි ප්‍රතිකාර නොලැබුණොත් සංකූලතා ඇතිවිය හැකි අයයි. මොවුන් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇති බපඥචබථඥදබ භදඪබ වෙතට යොමුකරයි. මේ දෙකටම අයත් නොවන රෝගීන් ඵඩධපබ ඹචර භදඪබ වෙත ඇතුළු කරයි. එය රෝහල් වාට්ටුවක් හා සමානයි.

නමුත් එහි රෝගියා උපරිමව තබන්නේ පැය 24 ක් කාලයකි. රෝගියාගේ මුල්පැය 24 රෝගී තත්ත්වයේ වගකීම මෙම ඒකකයට පැවරේ. මෙම රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය යැයි හැඟුණොත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළු කරයි. එසේ නොමැතිවිට ඖෂධ හා ප්‍රතිකර්ම සිදු කොට රෝහලෙන් පිටත් කරයි.

 

2019/01/30 තරුණි බලන්න