ඔබේ නිරෝගී දිවිය රකින වෛද්‍ය පරීක්ෂණ

මාර්තු 6, 2019

නිවහනක මෙහෙවර ඇත්තේ ඔබේ හිසත්, හදත්, දෑතත් මතයි. අසනිපයකැයි කියා ඔබට මේ මෙහෙවරෙන් මිදිය හැකිද? සැබැවින්ම ඔබ රෝගී බවක ඡායාවකට හෝ ඉඩදිය යුතු නැත. අපේ පෙම්බර අම්මාවරුන් මෙන්ම බිරින්දෑවරුන් නිරෝගී දිවිය වෙනුවෙන් කල්තබා සිදුකරගත හැකි වෛද්‍ය පරීක්ෂණ ගැන දැනුවත්විය යුතුව ඇත්තේ එබැවිනි.

 

කාන්තාවන්ගේ නිරෝගී දිවිය වෙනුවෙන්ම වූ වෛද්‍ය පරීක්ෂණ

පියයුරු පරීක්ෂාව (Mammogram) ගැබ්ගෙල පරීක්ෂාව ( PAP Smear) පියයුරු සෛල පරීක්ෂාව ( FNA of the breast) ශරීර ස්කන්ධ දර්ශකය (body mass index)
 

ගැබ්ගෙල පිළිකා - පැප් පරික්ෂාව

මේ ආසියාවේ කාන්තාවන්ට බහුලවම සෑදෙන පිළිකා වර්ගීකරණයේ දෙවැනි පිළිකාවයි. මීට ප්‍රධානම හේතුව වන්නේ ඉන්නන් සාදන හේතුකාරකයා ද වන Human papillomavirus (HPV) නම් වෛරසයකි. පිළිකාවක් ඇතිවීමට පෙර ගැබ්ගෙල සෛලවල යම් යම් වෙනස්කම් ඇති කරන අවධියේ සොයා ගන්නා පරික්ෂණය හෙවත් පැප් පරික්ෂණයකින් පිළිකා සෛල මුල් අවස්ථාවේ දී හදුනාගතහොත් ඉතා පහසුවෙන් සුව කළ හැකියි. පිළිකාවක් පැතිරුණු විට ශල්‍යකර්මයක් මගින් පිළිකාව සහිත ආශ්‍රිත අවදානම් පටක ඉවත් කර, සුව කිරීමට පුළුවනි.

පරීක්ෂණයේ ස්වභාවය

මාසික ඔපස්වීම් නැති දිනයක පරීක්ෂණයට සහභාගී විය යුතුයි. පරීක්ෂණයට පැය 24කට පෙර සංසර්ගයෙන් වැළකීම, යෝනි මාර්ගය වැරෙන් පිසදැමීම.

පරීක්ෂණයට පෙර කිසිදු ආකාරයේ ආලේපනයන් යෝනි මාර්ගයේ ආලේප නොකිරීම.

පරීක්ෂණයට විනාඩි 2-3 ක කාලයක් වැය වේ.

යෝනි මාර්ගය පරීක්ෂා කිරීම

පිරිසුදු කර ස්පැතියුලාවක් spatula)මගින් ගැබ්ගෙලේ සෛල සාම්පලයක් ලබාගැනීම.

 

පැප් පරික්ෂාවන්ට භාජනය විය හැකි ස්ථාන.

ඕනෑම රජයේ රෝහලක ඇති සුව නාරි සායනයකින්

ප්‍රසව හා නාරි වේදී වෛද්‍යවරයන්,

පුද්ගලික වෛද්‍යවරුන්ගෙන්.

ප්‍රදේශයේ ඕනෑම එම්.ඕ.එච් (MOH) කාර්යාලයෙන්.

පවුල් සංවිධාන සංගමය වෙතින්.

කාන්තාවන්ගේ නිරෝගීත්වය වෙනුවෙන් පවත්වන සායනවලින්

පළමු ලිංගික සංසර්ගයෙන් පසුව අවුරුදු 60 දක්වා කාලය තුළ වසර තුනකට වරක් පැප් පරික්ෂාවක් කර ගත යුතුය.

අසාමාන්‍යතාවක් නොපෙන්නුවත් වසර 3 කට වරක් පළමු ලිංගික සංසර්ගයෙන් පසුව අවුරුදු 60 දක්වා කාලය තුළ පරීක්ෂාව කර ගැනීම වැදගත් වේ.

පාලනය කිරීම සදහා තරුණ කාලයේ දීම ගැහැනු දරුවන්ට එන්නත් ලබා දෙයි. මෙම එන්නත ලිංගික සංසර්ගය ආරම්භ කිරිමට පෙර එනම් ආසාදනය ඇති විමට පෙර, ලබා ගැනිමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිය.

පරීක්ෂණයේ ප්‍රතිපල සති දෙකකින් ලබා ගැනීමට පුළුවනි.

පියයුරු පිළිකා - මැමොග්‍රැෆි පරීක්ෂණය

කාන්තාවන් අතර බෙහෙවින් ව්‍යාප්තව පවතින පියයුරු පිළිකා රෝගී තත්ත්වයකි.

මැමෝග්‍රැෆි පරීක්ෂාණය සඳහා මාසික ඔපස්වීමෙන් දින කිහිපයකට පසු සහභාගී වීම යෝග්‍යයි.

මැමොග්‍රැපි පරීක්ෂණය මඟින් පියයුරු පිළිකාවක් ආරම්භක අවධියේම හඳුනාගැනීමේ හැකියාව ඇත.

 

තරුණි 2019/03/06 බලන්න.