උපත් ආබාධ නැති සුවැති දරුවකු ලබමු

මාර්තු 13, 2019

දරුවකු පිළිසිඳ ගත් සුබ ආරංචිය ලැබුණු දා සිට මාපියන් මුලින්ම කරන්නේ සුරඟන ලොවෙන් බට පුංචි සුරංගනාවක්, දෙව් ලොවෙන් පැමිණි දෙව් රුවක් බඳු රුවැති දුවෙක්, පුතෙක් පැතීමයි.

සුන්දර සිඟිත්තකුගේ රුවින් නිවෙසේ බිත්ති හැඩ කරන්නේ ද ඒ අහිංසක පැතුම මල් පල ගන්වන්නයි. එහෙත් . . . නව මසක් ගැබත් සමඟ දුක් විඳ කැප වී මාතෘත්වයේ පාරමිතාව පුරා දෝතට ගන්නා දරුවා උපත් ආබාධයකින් යුක්ත නම් . . .උනහපුළුවාගේ පැටවා උනහපුළුවාට වටිනා බව සැබෑවකි. වැලේ ගෙඩි වැලට බර නැත. එහෙත් උපත් ආබාධ සහිත දරුවා මාපියන්ගේ, ගුරුවරුන්ගේ, සමාජයේ සිතට බරක් වීම වළකාලිය නොහැකිය. නිදහසේ මිය යාමේ අයිතිවාසිකම ද මාපියන්ගෙන් ගිලිහී යයි.

අපේ රටේ සෑම වසරකදීම උපත් ආබාධ සහිත දරුවන් 5800ක් මෙලොව එළිය දකින අතර ඉන් දරුවන් 650 ක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර මිය යති. දෙසීයක් ඉතා දරුණු උපත් ආබාධවලින් ජීවිත කාලය පුරා දුක් විඳිති. මළ දරු උපත් අතර ගැබට සති 28 ට පෙර දරුවන් 1900 ක් පමණ මිය යන අතර ඒ මරණ 35% කට හේතුව කලල ආබාධ හෝ විකෘතිතාය.

ගැබට සති 18 - 20 දී සිදු කරන ස්කෑන් පරීක්ෂණයෙන් කලලයේ විකෘතිතා බොහොමයක් හඳුනා ගැනීමට පුළුවන. ඇතැම් විකෘතා කලලයේදීම නිවැරැදි කිරීමට ද හැකි වෙයි. එහෙත් තවමත් උපත් ආබාධ සහිත දරුවන් වෛද්‍ය ක්ෂේත්‍රයට ගැටලුවකි.

* ලංකාවේ උපත් ආබාධවලට හේතු

* හෘද රෝග - උපත් ආබාධ සහිත දරුවන්ගෙන් සියයට විසි හතරක් කිසියම් හෘද රෝගයකින් පීඩා විඳින්නන්ය.

2019/03/13 තරුණි බලන්න.