වැලඳෙන්නට පෙර වළක්වා ගන්න පුළුවන්...

මාර්තු 27, 2019

රෝගයක් වැලඳීම සාමාන්‍ය දෙයක් වුවත් ඇතැම් රෝග අපගේ කල්කි‍්‍රයාවේ ඇති වැරැදි නිසාම වැලඳෙන අවස්ථා ද ඇත. මෙලෙසින් අපගේ නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම නිසා රෝගවලට ගොදුරු වේ.

එහෙත් මේ ලිපි මාලාවෙන් අප සිදු කළේ කාටවත් කීමට අපහසු එහෙත් හිතේ අසනහනකාරී තත්ත්වයක් ඇති කරන ඔබේ ගැටලු සඳහා යම් සහනයක් මෙන්ම එසේ නොවන ඔබ සඳහාත් දැනුම ලබා දීමයි.

හෙපටයිටිස් බී ආසාදනය

හෙපටයිටිස් බී යනු වෛරසයක් මඟින් ඇති කරන අක්මාවේ ආසාදනයකි.

මෙම වෛරසය ඉතාමත් ආසාදක වන අතර එය එච්. අයි.වී. වෛරසය මෙන් සිය ගුණයක් ආසාදක වේ.

මෙම වෛරසය අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයේ දී ශිරා තුළට එන්නත් කිරීම සඳහා එන්නත් කටු හවුලේ භාවිතය මඟින් පහසුවෙන් සම්ප්‍රේෂණය විය හැකිය.

හෙපටයිටිස් බී වෛරසයෙන් ආසාදනය වන බොහෝ පුද්ගලයන්ට රෝග ලක්ෂණ මතුවන්නේ නැත.

රෝග ලක්ෂණ මතුවේ නම් එසේ වන්නේ මෙම වෛරසය සිරුරට ඇතුළු වීමෙන් මාසයක් මාස හයක් පමණ කාලයක් ගත වූ පසුවය.

මෙම ආසාදනය වසර ගණනාවක් නොනැසී සිරුර තුළ පැවතිය හැකි අතර මෙම කාලය තුළ දී රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව සිරෝසිස්, අක්මාව අක්‍රිය වීම, අක්මා පිළිකා ඇතුළු බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකියි. හෙපටයිටිස් බී සඳහා එන්නත් මාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව බහුතරයක් පුද්ගලයන්ට මෙම ආසාදනය ඇතිවීම වැළැක්විය හැකියි.

 

හෙපටයිටිස් බී වළක්වා ගැනීම සඳහා එන්නත ලබා ගැනීම පහත සඳහන් පුද්ගලයන්ට වඩාත් ඵලදායක වේ.

 

* සමලිංගික පුද්ගලයන්

* ශිරා තුළට එන්නත් කිරීම මඟින් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් සහ ලිංගික ශ්‍රමිකයන්

* හෙපටයිටිස් බී ආසාදනයෙන් පෙළෙන ලිංගික සහකරුවකු සිටින පුද්ගලයන්

* මෑත කාලයේ දී ලිංගික අතවරයට ලක් වූ පුද්ගලයන්

* හෙපටයිටිස් බී ආසාදිතයකුගේ ගෘහාශි‍්‍රත පරිසරයේ සිටින සමීපතමයන් බෝවීම

හෙපටයිටිස් බී ආසාදනය බෝවිය හැකි ක්‍රම කිහිපයකි. එනම්,

 

2019/03/27 තරුණි පුවත්පත බලන්න