අඩු නින්දත් ලෙඩ වැඩි නින්දත් ලෙඩ

අප්‍රේල් 10, 2019

නින්ද අඩුවෙන් ලැබීම නිසා ආතතිය වැඩි වේ. එමෙන්ම හෝර්මෝන ශ්‍රාවය වෙලා වැඩියෙන් බඩගිනි දැනි සිරුරේ බර වැඩි කරයි. මෙලෙස සිදුවීමෙන් උවමනාවටත් වඩා වැඩියෙන් මහත් වෙන අතර දීර්ඝ කාලීන සංකූලතා සහ රෝගවලට ද මෙය අත වැනීමකි.

ඒ නිසා මතක ඇතිව දිනකට පැය 8 ක් නිදා ගන්න. නින්ද කියන්නේ ඔබේ ශරීරයට අවශ්‍යම දෙයක්. අඩුවෙන් නිදා ගත්තමත් ලෙඩ වේ. වැඩියෙන් නිදා ගත්ත්තමත් ලෙඩ වේ.

සමේ වෙනස්කම්

ඔබට ප්‍රමාණවත් නින්දක් ලැබුණේ නැති නම් සම රැලි වැටීම සිදු වේ. අඳුරු පැහැ ගැන්වී වයසක ස්වරූපයක් ඇති කරයි. තවද නින්ද නොලැබීමෙන් මුහුණේ කුරුලෑ හට ගෙන මුහුණට අවලස්සනක් එකතු කරයි. නින්ද නොයෑම නිස ඔබේ සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වේ. එය ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරන අතර රෝග වැලඳීමේ අවදානම වැඩි කරයි.

ආහාර වේල

එක දිගට හරියට නින්දක් නොලැබීමෙන් විඩාවට පත් මොළය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට වඩා කෙටි ආහාර වේලකට වඩාත් රුචිකත්වයක් දක්වනවා. උදෑසන ආහාරය සඳහා කෙටි ආහාර වේලක් නොව සමබල ආහාර වේලක් සහ රාත්‍රී ආහාර වේල සඳහා සැහැල්ලු ආහාරයක් ගැනීම ඉතාමත් වැදගත්. උදෑසන ආහාරය තරමක් කැලරි ඇති විශාල ආහාර වේලක් වූවාට කමක් නැත. ඊට සාපේක්ෂව දහවල් ආහාරය අඩුවෙන්ද රාත්‍රී ආහාරය සැහැල්ලු හෙවත් සරල ආහාරයක් ලෙස ද ගන්න. ඔබේ උදෑසන ආහාරය ගැනීමෙන් මුළු දවසම ප්‍රබෝධවත්ව ගත කිරීමට හැකියාව ලැබේ.

බර වැඩිවීම

කවුරුත් කැමැති නැහැ ප්‍රමාණයට වඩා මහත් වෙන්න. ඒ නිසා ඔබ ඔබගේ උසට සරිලන බරක් තියාගන්න හැම වෙලාවකම උත්සාහ කරන්න. ප්‍රමාණවත් ලෙස නින්දක් ලැබුණේ නැති නම් ආහාර සඳහා රුචිය වැඩි වී ඔබගේ බර එන්න එන්නම වැඩි වේ. හුඟාක් කෙට්ටු වෙන්නත් මහත් වෙන්නත් යන්න එපා. කොච්චර ජිම් ගියත් කෑමවලින් පාලනය වෙන්න හැදුවත් ඔබගේ බර අඩු කර ගන්න බැහැ.

ඇස්වල ඇති වෙන වෙනස්කම්

ඇස් දෙකට ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීමෙන් ඔබගේ ඇස් රතුවීම, ඇසිපිය සහ ඇස් අවට ඉදිමීම, ඇස් වටා කළු පැහැ හෝ අඳුරු පැහැයක් ගැනීම වැනි ලක්ෂණ ඉස්මතු වේ. ඇස් වටා අඳුරු පැහැවීම ඔබගේ මුහුණේ සුන්දරත්වය අඩු කරයි. එමෙන්ම ඇස් වටා රැලි වැටීම, ඉදිමීම සහ ඇස් පිය අඩවන් වීමේ ලක්ෂණ ද කාලයත් සමඟම මතු වේ.

ඔබගේ සුන්දරත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා නම් අඩුම තරමේ දිනකට පැය 6 ක්වත් නිදා ගෙන උදෑසන ප්‍රබෝධවත්ව ආරම්භ කර මුළු දවසම ක්‍රියාශීලීව ගත කරන්න.

අන්තර්ජාලය ඇසුරිනි