රුධිරයේ ඝනත්වය වැඩිවීම සුබදායක නම් නැහැ

අප්‍රේල් 17, 2019

සිරුර පුරා දුවන්නේ රුධිරයයි. එක් එක් අයගේ සිරුර තුළ ඇති රුධිර පරිමාවන් එකිනෙකට වෙනස් ය. ඇඟේ ලේ නැහැ. ලේ මදි. පාණ්ඩුව, නිරක්තිය.... මේ රුධිරය සම්බන්ධව ඇති නොයෙකුත් වදන්.

එහෙත් රුධිරයේ රතු රුධිරාණු එහෙමත් නැත්නම් හිමොග්ලොබින් අඩුයි කියනවා මිසක් වැඩියි කියන අය හමුවන්නේ කලාතුරකින්.

පිරිමින් අතරේ

 මේ තත්ත්වය වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ පිරිමි පාර්ශ්වයෙන්. මොවුන්ගේ රුධිරය ඝනත්වයෙන් වැඩියි. හිමොග්ලොබින් ප්‍රමාණය වැඩියි. ලේ මදිකම එහෙමත් නැත්නම් නිරක්තිය එතරම් යහපත් තත්ත්වයක් නොවෙද්දී හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවීම කොපමණ හොඳදැයි ඔබට සිතේවි. කොහෙත්ම නැහැ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා එපා යැයි පවසන්නේ ඒ නිසානේ. හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවීම (Polycythaimia) ඒ පුද්ගලයා නිරෝගී පුද්ගලයකු කරන්නේ නැත. ඇතැම් විට Polycythaemia  පිළිකාමය තත්ත්වය පවා වර්ධනය වීමට පුළුවන.

සාමාන්‍ය පිරිමියකුගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය 12 g/dl ය. එය 18 g/dl වලට වඩා වැඩිවීම පොලිසයික්මියා හෙවත් රුධිර ඝනත්වය වැඩිවීමයි. මාසික ඔසප්වීම සිදුවන වයසේ යුවතියකගේ කාන්තාවකගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය 11.5 g/dl සිට 15 g/dl දක්වා විහිදේ. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ රුධිරයේ ඝනත්වය වැඩි නොවන තරම්ය. ඔවුනට මසකට වරක් ඔසප් රුධිරය පිටවීම ද එයට හේතුවිය හැකියි. ආර්තවහරණයෙන් පසු කාන්තාවගේ හිමොග්ලොබින් ප්‍රමාණය තරමක් වැඩිවන අතර එය 13 g/dl සිට 15.9 g/dl දක්වා විහිදේ.

උපදෙස් රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

මහින්ද ද අල්විස්

2019/04/17 තරුණි පුවත්පත බලන්න.