Hot Health News

මැයි 8, 2019

සතුට, ජීවිතය නිරෝගී කරයි

හදවත් රෝග අවදානමේ පසුවන පුද්ගල කණ්ඩායමක් වසර 25 ක් පුරා අධ්‍යයනය කරමින් පර්යේෂකයෝ පිරිසක් මේ නිගමනවලට එළඹ සිටිති.

සතුටින් සිටින හා සර්ව සුබවාදී පුද්ගලයන් අනෙක් පිරිස් හා සැසඳීමේදී හදවත් රෝග ඇතිවීමේ අවදානම තුනෙන් එකකින් අඩු යැයි මේ පර්යේෂණයේදී අනාවරණය කර ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිතිි. හදවත් රෝග ඇතිවීමේ ඉහළ අවදානමක් තිබෙන පුද්ගලයන් පවා හොඳ සෞඛ්‍යයක් පවත්වා ගනිමින් සතුටින් සිටින්නේ නම් ඔවුන්ට හෘද රෝග වැලඳීමේ අවදානම අඩකින් අඩුවන බව මේ පර්යේෂණයෙන් තවදුරටත් පෙන්වා දී ඇත. සුබවාදී පුද්ගලයන් අනාගතය දෙස බලමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා සූදානම් බව එම පර්යේෂණයේ ප්‍රතිඵල මත පර්යේෂකයෝ නිගමනයකට එළඹ සිටිති..

 

සීනි පාලනයට වම්බටු

වම්බටු දිනපතා වුවද ආහාරයට එක්කර ගත හැකි, පෝෂණ ගුණයෙන් ඉහළ එළවළු විශේෂයකි

සිරුරට අවශ්‍ය යකඩ, කැල්සියම් හා ඛනිජලවණ අන්තර්ගතය. කැලරි රහිත නිසාවෙන් සිරුරේ බර අඩුකරයි. වම්බටුවල ඇති තන්තුමය ගුණය හේතුවෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා මෙන්ම දියවැඩියාවද පාලනය කරයි. රුධිර සංසරණ ක්‍රියාවලිය මැනවින් කිරිමට රුකුල් දෙන අතර, රුධිරගත සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට වම්බටුවලට ඇති හැකියාව අසීමිතය. විටමින් ම් සහ බයෝෆ්ලේවනොයිඩ් අන්තර්ගත නිසා රුධිර කැටි ඇතිවීමද වළකයි.

 

කම්මුල් එල්ලා වැටෙන්නේ වයසටමද?

වයසට නොගියත් අද බොහෝ දෙනාගේ තරුණ බවට එරෙහිව ඇතිවන ප්‍රශ්නයක් ලෙසින් කම්මුල් පහතට එල්ලා වැටීමේ තත්ත්වය හඳුන්වා දිය හැකියි.

සමෙහි ඇදීම නිසා පහතට එල්ලීමෙන් මුහුණේ අවලස්සන පෙනුමක් ඇතිකරන බව අමුතුවෙන් කිවයුතු නැහැ. මීට හේතු ලෙස අධික තෙල්සහිත ආහාර ගැනීම, පැණිරස කෑම වැඩිපුර ගැනීම, බොහෝ වේලාවක් සම නිරාවරණය වීම, සිරුරේ බර ශීඝ්‍රලෙස අඩුවීම, දන්ත විකෘතිතා, සම, මුඛ රෝග, අධික ලෙස ජංගම දුරකථන භාවිතය, නින්ද අඩුවීම සහ සිරුරේ හෝමෝන අසමතුලිතතා උදාහරණ ලෙස පෙන්වාදිය හැකිය. මේ නිසා ඔබ කල්පනාකාරී වීමට වගබලාගත යුතුය.

 

Health  සඟරාව ඇසුරිනි