නීරෝගි දිවියකට සුව ඔසු

මැයි 15, 2019

1. මීමැස්සන් දෂ්ට කළ විගස ලුණු වතුරෙන් පොඟවා ගත් රෙදි කැබැල්ලකින් දෂ්ට කළ තැන් පිසදමන්න. පසුව සහිඳ ලුණු අඹරා ගාන්න.

2. එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගෑමෙන්ද මීමැසි විෂ ඉවත් වේ.

3. අමු හෝ ඉඳුණු පුවක් ගෙඩියක ඉස්ම ගෙන මීමැස්සන් දෂ්ට කළ ස්ථානවල හොඳින් අතුල්ලන්න. වහා විෂ ඉවත් වෙයි.

4. රසකිඳ වැලක් ගෙන දඬු සහ කොළ කොටා මිරිකා දෙහි ඇඹුල් දමා මී මැස්සන් දෂ්ට කළ රෝගියාට පොවන්න. (ඉහත සියලුම ප්‍රතිකාර දෙබර සහ බඹර විෂට ද සුදුසුය.)

5. ගෝණුසු විෂට පරණ ලණුවක් පුළුස්සා ගත් අළු ගෙන පොල් තෙලෙන් අනා ගාන්න.

6. මීයකු සපාකෑ විට රන් කැබැල්ලක් රත් කර ඒ ස්ථානයේ තබන්න. රන් කැබැල්ලට විෂ උරා ගැනීමෙන් වෙනත් ආබාධ ඇති නොවේ.

7. කැරපොතු විෂට කබලකින් බැදගත් තල, එළඟි තෙලෙන් අඹරා ගාන්න.

8. දළඹු විෂට පරණ පොල් තෙල් ස්වල්පයක් ගා රෝම ඉවත්කර ගැට තුඹ සහ අමුකහ එකට කොටා යුෂ ගෙන ආලේප කරන්න.

9. පත්තෑ විෂට මූණමල් ඇට දෙහි ඇඹුලෙන් ගලගා ආලේප කරන්න. නැතිනම් ඉත්තෑ කූරක් පුළුස්සා ගත් අළු පොල් තෙලෙන් අනා ගාන්න. මදුරුතලා කොළ නර මුත්‍රා (මිනිස් මුත්‍රා) වලින් අඹරා ගෑමෙන්ද විෂ නැතිවෙයි. මෙයින් තමන්ට පහසු ප්‍රතිකාරයක් කරන්න.

10. දිවි මකුළුවන් කෑ විට ගොටුකොළ කොටා යුෂ ගෙන කැඳ සකස් කර ගිතෙල් දමා පානය කිරීමෙන් විෂ නසයි.