ඇතුවත් බැරි නැතුවත් බැරි නින්ද

මැයි 15, 2019

නින්ද ස්වාභාවික ක්‍රියාවලියකි. ඕනෑම පුද්ගලයකුට නිරෝගී බව මෙන්ම දෛනික කටයුතු නිසියාකාරව පවත්වා ගැනීමට නින්ද අනිවාර්යය සාධකයකි. විශේෂඥ මනෝ වෛද්‍ය සුසිල් කුලතිලක මහතාගේ වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරින් පසුගිය සතියේ මා ලියූ ලිපියෙන් ඔබ එය හොඳින්ම වටහා ගන්නට ඇත.

ඉගෙනගන්නා දරුවන්ට නින්ද කොතරම් වැදගත් වන්නේද කියා ඔබ දන්නවාද? අප කිසිවකු නොසිතන ප්‍රතිලාභ නින්ද නිසා අත්කර ගන්නේ එවැනි දරුවන්ය. මන්ද අවදියෙන් සිට කෙතරම් පාඩම් කළත් ඒවා මතකයේ ගබඩාවීම සිදුවන්නේ නින්දේදීය. විභාග සමත්වීමේ රහස ඇත්තේ ද එතැනයි.

එමෙන්ම රිය ධාවනයේදී ඔබ කරා එන නින්ද ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද? එම සුළු මොහොත ඔබ ජීවිතයේ අවධානයෙන් සිටිය යුතුම මොහොත වන්නේ ඇයි ද යන්න ගැන අද විමසා බලමු. පාඩම් කරන දරුවන්ට නින්ද නිසාම එල්ල වන චෝදනා බොහෝය. ‘මේ ළමයා නම් පාඩම් කරන හැටියක් පේන්න නෑ. පොත අතට ගත්තොත් නිදි’ මෙවැනි චෝදනාවට ලක්වූ දරුවන් කොතෙකුත් ඇති.

බලන්න මේ චෝදනාවෙන් මිදී හොඳින් විෂයය කරුණු අවබෝධ කරගෙන මතකයේ තබාගැනීමට මේ ලිපියෙන් ගතහැකි යම් කරුණක් වේද කියා.

එමෙන්ම රිය ධාවනයේ දී ඔබ නොදැනුවත්වම ඔබ කරා එන නින්ද ඔබගේ දිවිය උඩුයටිකුරු කරන මොහොත විය හැකියි. රිය ධාවනයේ යෙදෙන ඔබ සිතිය යුතුම තැන ගැන අවබෝධයක් ලබාගැනීමටත් මෙය ඉවහල් වේවි.

විභාග සමත් වීමේ සූක්ෂ්ම රහස

ඉගෙන ගන්නා දරුවන්ට විභාග සමත්වීමට කියාදෙන “සූක්ෂ්ම රහස” නම් දිනකට පැය 6-8ක් අතර කාලයක් සුවදායක නින්දක් ලබාගැනීමයි.

මෙය ඇතැමුන් කාලය නාස්ති කිරීමක් ලෙස වැරැදියට අවබෝධ කරගත හැක.

නින්ද මතකය ගබඩාවීමේ සැලසුමයි

තේ, කෝපි පානය කරමින්, වතුර බේසම්වල බැසගෙන නිදි නොලබා පාඩම් කරන ඇතැම් දරුවන් අප අතර සිටී. මෙය නිශ්ඵල ක්‍රියාවකි. මන්ද පෙර සඳහන් කළාක් මෙන් අපගේ මතකය ගබඩාවීම මෙන්ම ඊළඟ පැය 24ට (දිනට) මනස සහ ශරීරය සූදානම් කරන්නේ නින්දේදීය. එය නොලැබුණහොත් මතකය ගබඩාවීම නිසියාකාරව සිදුනොවේ. ඊළඟ දිනය වෙනුවෙන් මනස හා ශරීරය සක්‍රීය වන්නේ ද නැත. කෙතරම් පාඩම් කළත් එවිට සිදුවන්නේ “බෝතලයක් හිල්කර වතුර පුරවන්නාක් බඳු දෙයකි”

බොහෝ දරුවන්ට පාඩම් කිරීමේදී sleep centre  සක්‍රීය වේ. පොත අතට ගත් විගසින් නින්ද ළඟාවේ. මෙයට හේතුව එය මනසට නීරස, අලස දෙයක් වීමයි. තමාට නීරස, කම්මැලි දෙයක් කිරීමට උත්සාහ කිරීමේදී මොළයේ sleep centre  ඉක්මනින් සක්‍රීය වේ. එවිට ක්ෂණිකව නින්ද ඇති වේ.

මෙයට හොඳම විසඳුම විෂයය හොඳින් අවබෝධ කරගැනීමයි. එයට කැමැත්තක්, ආශාවක් ඇතිකර

ගැනීමෙන් මොළයේ sleep centre  සක්‍රීය නොවේ. එවිට නිදිමත ඇතිවන්නේ නැත.

විශේෂයෙන්ම පාඩම් කිරීමේදී වි. 20-40 වැනි කෙටිකාල යොදාගන්න.

අද තරුණ පරපුර රෑ දෙගොඩහරියක් වන තුරුම අවදිව සිටී. එයට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළහැක්කේ නින්දට බාධා කරන ඵජපඥඥද නමැති දිදුලන තිරයක් දෙස බලාසිටීමයි. ජංගම දුරකථනය, ලැප්ටොප් එක, පරිගණකය වැනි උපකරණ දිදුලන තිරයක් සහිත නිසා ඒ දෙස බලාසිටින විට sleep centre  සක්‍රීය නොවේ.

 

2019/05/15 තරුණි බලන්න.