පෝෂණයට වයස සීමාවක් නැහැ

මැයි 15, 2019

සුවැති දිවියකට මනා පෝෂණය ඉතාම වැදගත්. එයට ළමා, තරුණ, වයස්ගත කියා වෙනසක් නොමැත. එහෙත් වයස්ගත වීමත් සමඟ ශරීරයට ගත යුතු ආහාර පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීම නිරෝගී සැපවත් දිවියක් වගේම දීර්ඝ ආයුෂ ලබා ගැනීමටත් හේතුවකි.

සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයට අනුව මිනිස් ශරීරයේ විටමින් නිපදවීමක් සිදුවනවා. නමුත් වයස අවුරුදු 40 න් පසු වන විට ශරීරයේ විටමින් නිපදවීමේ ක්‍රියාවලිය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන නිසා එය සෘජුවම ශරීරයේ නිරෝගීතාවයට බලපෑම් කරනු ලබනවා. ඒ නිසාමයි මේ වයස් සීමාව තුළ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වන්නේ.

අප කාගේත් ශරීරයේ වයස අවුරුදු 20 දී තිබූ තත්ත්වයටම වයස අවුරුදු 40 ඉක්මවූ පසුවත් ක්‍රියා කරන්නේ නැති බව වටහාගත යුතුම කරුණයි. මේ සඳහා ඇති එක් සාර්ථකම පිළියමක් වන්නේ විටමින් සහ පෝෂණ ගුණය අන්තර්ගත වන ආහාර ලබාගැනීමයි. ආහාර මඟින් සැපයෙන විටමින් සහ පෝෂණ වර්ග ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ඖෂධ මඟින් මේවා ශරීරයට ලබා ගන්නට පුළුවනි. නමුත් එය වෛද්‍ය උපදෙස් මත ක්‍රියාවලිය නැංවිය යුතුයි.

මෙම වයස් සීමාව තුළ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් ආහාර මඟින් ලබා ගන්නේ නම් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය නොවේ.

විටමින් B12

විටමින් B12 කියන්නේ අපේ ශරීරයට අවශ්‍යම වන පෝෂණ සංඝටකයක්. විටමින් B12 ශරීරයේ සෑම සෛලයකම පරිවෘත්තීය ක්‍රියාවලියට නැතිවම බැරි විටමින් වර්ගයක්. දිගු කාලයක් තිස්සේ ශරීරයට විටමින් B12 ඌනතාවය ඇති වූ විට ස්නායු ගැටලු ඇතුළුව දිගුකල් පවතින සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වෙනවා. ශරීරයේ විටමින් B12 අඩු වූ විට හිස කැරකැවිල්ල, නිතර නිතර අමතකවීම්, මාංශපේශි දුර්වලවීම, සම සුදුමැලිවීම, නිතර වෙහෙස දැනීම, ඇස්වල රෝග ඇතුළු රෝග ගණනාවකට මුහුණපෑමට සිදුවනවා. ඒ නිසයි විටමින් B12 අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගත යුතු වන්නේ.

සැමන්, කුකුල් මස්, මාළු, කිරි ආහාර, බිත්තර යෝගට්, චීස්, ධාන්‍ය වර්ග සහ පොල් කිරිවල විටමින් B12 යහමින් අඩංගුයි. මේ කියන ආහාර ලබා ගත්තොත් ශරීරයට අමතර ශක්තියක් ලැබීම, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් වීම, අස්ථිවලට සුවදායක වීම, දියවැඩියා රෝගයෙන් මිදීමට හේතුවක් වීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්.

 

කැල්සියම්

 

මෙය ශරීරයට අවශ්‍යම තවත් එක් විටමින් වර්ගයකි. අපේ ශරීරය විසින් තරුණ අවධියේදී අස්ථි විසින් අස්ථිවලට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය උරාගත්තත් වයස් ගත වීමත් සමඟ අමතරව කැල්සියම් ලබාගන්නට අවශ්‍ය වෙනවා.

 

ඒ මාංශපේශිවල ක්‍රියාකාරිත්වයට, ස්නායුවල සහ හෘදයේ නිසි ක්‍රියාකාරිත්වයට කැල්සියම් අවශ්‍ය වන නිසා අප වයස්ගත වීමේදී ශරීරයට අවශ්‍ය වන නිසි කැල්සියම් ප්‍රමාණය නොලැබීමෙන් ශරීරය විසින් අස්ථිවල තැම්පත් වී ඇති කැල්සියම් ප්‍රමාණය ලබාගෙන අස්ථි දුර්වල කරනු ලබන නිසයි.

 

අස්ථිවල වර්ධනයට මෙන්ම දත්වල නිරෝගිභාවයටත් කැල්සියම් හේතු වනවා. ඊට අමතරව ශරීරයේ මාංශ පේෂි වර්ධනය, හෘදයේ ක්‍රියාකාරිත්වයට, එන්සයිමවල ක්‍රියාකාරීත්වයට, රුධිරය කැටිගැසීම වළක්වාලිම ඇතුළු ප්‍රතිලාභ රැසකට හේතු වනවා. හාල්මැස්සන්, කුඩා මාළු, කිරි, සැමන්, නිවිති සහ මුදවපු කිරි ආහාරයට ගැනීමෙන් මේ වාසි ලබාගන්න පුළුවන්.

 

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහි ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුුහුණුවලත් නුගේගොඩ  Perfect Lady Wax Studio සහ කඩවත

පුෂ්පාරාම මාවතේ Degreens Salon  හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

2019/05/15 තරුණි බලන්න