නාරිලතාව සොයා එන ති‍්‍රදෝෂ

ජූලි 3, 2019

උපතේ සිට අවසාන මොහොත දක්වා කාන්තාවක් ජීවිතයේ විවිධ කඩඉම් පසුකරයි. ජීව විද්‍යාත්මකව මෙම අදියරයන්හි වෙනස්වීම මල්වරයයි. දරුවන් පිළිසිඳ ගැනීම මෙන්ම ශාරීරික දෝෂවල වෙනස්කම් ඇතිවීම ඔස්සේ ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැඹුරින් අධ්‍යයනය කරයි.

කාන්තාවන් ස්වභාවයෙන්ම වයස හෙළිදරව් කිරීමට දක්වන්නේ මැළිකමකි. එහෙත් ආයුර්වේද විශේෂඥයන් වයස පිළිබඳ අනුමානයන් ලබාගන්නේ ආයුර්වේදයේ දක්වා ඇති කාන්තාවන්ටම ආවේණික වූ වයස් වර්ගීකරණයන් අනුසාරයෙනි.

බාල කාලය (ළමා විය)

දියණියක වැඩිවිය පැමිණෙන තෙක් ගතකරන කාලය බාල කාලයයි. මෙම වයස සාමාන්‍යයෙන් දක්වන ආකාරයට අවුරුදු 16න් නිම වේ. අවුරුදු 10 තෙක් ගතකරන මුල් කාලය ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම ඒකාකාරී ලෙස ශාරීරික වර්ධනයක් සිදුවන කාලසීමාවයි. මෙම කාලයේදී ප්‍රමුඛව ක්‍රියාත්මක වන දෝෂය කඵ දෝෂයයි. ඒ හේතුවෙන් කුඩා කාලයේ දරුවන් නිරායාසයෙන්ම පැණි රසට වැඩි කැමැත්තක් දක්වයි. හතිය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, සෙම්ගෙඩි වැනි සෙම ප්‍රමුඛ කොටගත් රෝග වෙනත් වයස් සීමාවලට වඩා බහුලය.

කුමරි

වයස 10 පසුවත්ම දියණියකගේ, පුතකුගේ වෙනස්වීම ආරම්භ වේ. මෙය ගැහැනු දරුවන් සම්බන්ධයෙන් කුමරි (අවු. 10-12) වයස ලෙස හඳුන්වයි. වැඩිවිය පැමිණීමට පෙර සිදුවන ශාරීරික හා මානසික වෙනස්වීම් ශරීරය තුළ බලගතුව ක්‍රියාත්මකවන කඵ දෝෂය අබිබවා පිත් දෝෂය මතුවීම සිදු වේ. උස යෑම ශීඝ්‍ර වීම, පියයුරු මතුවී පෙනීම, කිහිලි, ඉකිලි ආශි‍්‍රතව රෝම වර්ධනය, කුරුලෑ මතුවීම මෙම පිත් දෝෂයේ බලපෑම වේ. ඒ සමඟම මානසිකව සිදුවන අසමතුලිතබව, නුරුස්සන බව, ආවේගශීලීවීම විරුද්ධ ලිංගිකයින් කෙරෙහි විශේෂී බව ලෙස මානසික වෙනස්වීම් ද මෙහිදී ප්‍රකට වේ.

අවේලාවේ ස්නානය, වර්ෂාවට හසුවීම, සීනි, පිෂ්ටය අඩංගු ආහාර නිතර ගැනීම මෙම වයසේ දී පහසුවෙන් රෝගී කරයි.

 

මල්වරය

මල්වරය සිදුවන කාලය ලෙස දක්වනුයේ අවුරුදු 12-16 ත් අතර කාලයයි. මේ වයස සංක්‍රාන්ති සමයකි. කඵ දෝෂයෙන් පිත දෝෂයට ප්‍රමුඛතාව ලැබෙන නිසා රෝගාබාධ නොවුණත් සුළු සුළු අපහසුතා ඇතිවිය හැකියි.

 

උපදෙස් - කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ

නාරි හා ප්‍රසව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

කෞමදී කරුණාගොඩ

2019/07/03 තරුණි බලන්න