අධික ලෙස දහදිය දැමීමෙන් ඔබත් පීඩා විඳිනවා ද?

අගෝස්තු 21, 2019

පිරිසුදුකමත් පිළිවෙළත් ගැන හිතන සමහර තරුණියන් අධික ලෙස දහදිය දැමීමේ තත්ත්වය නිසා සිතින් ළතැවේ. එය සුන්දර රුව ද අකාමකා කර දමයි. සමහරු මෙය සාමාන්‍ය තත්ත්වයක් කියා බැහැර කළ ද මෙම තත්ත්වය අධිකව පවතී නම් එය යම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන්නක් විය හැකියිි.

එය සමහරවිට හයිපර්හයිඩ්‍රොසිස් නම් තත්ත්වය වන්නට ද පුළුවන. ඒ නිසාම ඔබත් අධික ලෙස දහදිය දැමීමේ තත්ත්වයෙන් පීඩා විඳී නම් මේ ලිපිය කියවිය යුතුමයි.

හයිපර්හයිඩ්‍රොසිස් කියන්නේ කුමක්ද?

hyperhidrosi හෙවත් අසාමාන්‍ය ලෙස අධික දහදිය දැමීම බොහෝවිට අත්ල, පතුල සහ කිහිලිවලට ඇතිවත තත්ත්වයක්. මේ ස්ථානවල ස්වේද ග්‍රන්ථිවල සාන්ද්‍රණය වැඩියි. (high concentration of sweat glands) සාමාන්‍යයෙන් මේ තත්ත්වය වයස අවුරුදු 13-14 කාලයේ දී පටන් ගන්නා අතර වසර ගණනාවක් හෝ ජීවිත කාලය තුළම පැවතිය හැකියි.

ඒ නිසා පළමුව මේ තත්ත්වය හඳුනා ගත යුතුයි. සැලකිය යුතු තරම් දහදිය නිසා ඇඳුම් තෙත්වීම, එදිනෙදා ගේදොර වැඩ සහ රාජකාරි වැඩවලට බාධාවක් වීම, පෑනකින් ලිවීම, අතට අත දීම, රිය පැදවීම, තෙතමනය නිසා පාවහන් ගිලිහීයාම වැනි නොයෙක් අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ.

මේ තත්ත්වය ඇතිවීමට ඒ පැහැදිලි හේතුවක් නැත. ඉඩියෝපැතික් හෝ නොහඳුනන හේතු(Idiopathic or Cause Unknown),  සිත කැළඹුන අවස්ථා (Stress, Anxiety) R ආදියේ දී ද අධික ලෙස දහදිය දැමිය හැකියි.

තවත් සමහර අවස්ථාවල දී වෙනත් හේතුවක් නිසා ඇතිවිය හැකියි.

එනම් ස්නායුවල බලපෑම්, අන්තරාසර්ග පද්ධතියේ අසාමාන්‍යතා, නොයෙක් ආසාදිත අවස්ථා, සමහර ඖෂධ වර්ග, රසදිය විසවීම, ඇතැම් පිළිකා වර්ග ඒ අතර වේ.

මෙවැනි පුද්ගලයන්ට ඇතිවන අපහසුතා මොනවාද?

අධික ලෙස දහදිය දැමීම නිසා සමේ රෝගවලට මුහුණ දීමට සිදුවන අවස්ථා වැඩියි. දිලීර සහ බැක්ටීරියා අසාදන (fungal and bacterial infections),, ඇඳුම් තෙත් වීම ගැන කනස්ස ල්ලට පත්වීම, ස්පර්ශ කිරීමට ඇති අකැමැත්ත, සමාජයේ හැසිරීමට පැකිළීම,

ශරීරයේ ඇතිවන දුගඳ නිසා ඇතිවන කලකීරීම, රැකීරක්ෂා තෝරා ගැනීමේ දී පුද්ගලයන් සමඟ ආශ්‍රය අවම රැකියා තෝරා ගැනීම

උපදෙස්

වෛද්‍ය ඒ. ඩී. වීරතුංග

වෛද්‍ය අධ්‍යක්ෂ ලෂ් ස්කින් ක්ලීන්ක්

 

2019/08/21 තරුණි බලන්න