පියයුරු අසාමාන්‍ය ලෙස විශාලයි

සැප්තැම්බර් 25, 2019

ප්‍රශ්නය - 28 වියැති තරුණියක් වන මාගේ පියයුරු අසාමාන්‍ය ලෙස වැඩී ඇති අතර ඒවා එල්ලා වැටේ. මාගේ වයසේ අනෙක් තරුණියන්ට සාපේක්ෂව මාගේ පියයුරු කිරිදෙන මවකට හා සමාන වේ යැයි සිතේ. ඒ නිසා මා නිවෙසින් එළියට යෑමට ද අකැමැතිය. මේ කරුණ හේතුවෙන් මා මානසිකව වැටී ඇත. මේ සඳහා කුමක් හෝ ප්‍රතිකාරයක් තිබේ ද?

කුරුවිට - සාගරිකා

පිළිතුර - මෙය බොහෝ තරුණියන්ට තිබෙන ගටලුවක්. නමුත් එය මානසිකව වැටීමට තරම් ගැටලුවක් නොවන බව සිහි තබාගන්න.

ව්‍යායාම කිරීම තුළින් උසට සරිලන බර පවත්වා ගැනීමට උත්සාහ කිරීමෙන් මේ තත්ත්වය පාලනය කරගත හැකියි.

ඒ වගේම පියයුරු සඳහා විවිධ ප්ලාස්ටික් සැත්කම් කළ හැකි නමුත් ඒවා බොහෝ විට සිදු කරන්නේ දරුවන් සාදා අවසන් වූ කාන්තාවන් සඳහායි. ඒ නිසා තරුණියන්ගේ පියුරු සඳහා ප්ලාස්ටික් සැත්කම් කිරීම සුදුසු නොවේ.

 

කාන්තාවන්ගේ පියයුරු එකිනෙකට වෙනස්ය. සමස්ත කාන්තතාවන්ගේම පියයුරු එකම අයුරක් නොගනී. ඒ විවිධත්වය භාර ගනිමින් ඔබගේ දෛනික වැඩකටයුතු අතපසු නොකරන්න.

2019/09/25 තරුණි බලන්න