සිසේරියන් සැත්කමක් කරන්නේ අවශ්‍ය නම් විතරයි

නොවැම්බර් 6, 2019

අම්මා කෙනෙක් වන සිහිනය දකිමින් සිටියදී එය සැබෑවීම බිරියක ලෙසින් ලබන විශාලම ආශීර්වාදයක්. එය සොබා දහමින් මට ලැබුණු උතුම්ම දායාදය.

මා නම් සැම විටම සිතුවේ සොබා දහමට අවනත වී දරුවා බිහි කිරීමයි.

සොබා දහමින් ලැබුණු අමිල තිළිණය සොබා දහමේ නීතියට එකඟව දෝතට ගැනීමට ලැබීම වාසනාවක්.

ඒත් සමහර අම්මලා සොබා දහමට එරෙහිවී දරුවාගේ ඉරණම වෙනස් කිරීමට ඇති අවශ්‍යතාව නිසාම දරුවා නැකැත් බලා තමන්ට ඕනෑ වෙලාවට බිහිකිරීමට පියවර ගන්නවා. තවත් අම්මලා ස්වාභාවික උපතකට හරිම බයයි.

මේ වගේ අම්මලාගේ එකම විකල්පය සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීමයි. ස්වාභාවිකව පිළිසිඳුණු දරුවා ස්වාභාවිකවම බිහි කිරීම දරුවකුට මාපියන් විසින් ලබා දිය හැකි පළමුවැනි තෑග්ග කියලයි මට නම් හිතෙන්නේ.

සිසේරියන් සැත්කමින් දරුවා බිහිකිරීම දරුවට වගේම අම්මාටත් එතරම් හිතකරව බලපාන්නේ නැහැ. සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීම සංකූලතා රැසකට අතවැනීමක්.

බිය නිසා ස්වාභාවික ප්‍රසූතියට අකැමැති මවුවරු මනෝ වෛද්‍ය උපදේශයකින් ඒ බිය නැති කරගන්න ඕනෑ.

වෛද්‍යවරයෙක් මවක් සිසේරියන් සැත්කමකට යොමු කරන්නේ මවගේත් දරුවාගේත් ජීවිතය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නැත්නම් විතරයි.

 

* නිවුන් දරුවන් ලැබීමට සිටීම

* මව පී‍්‍ර එක්ලැම්සියා තත්ත්වයෙන් පීඩා විඳීම

* කලින් සිසේරියන් සැත්කමක් කර තිබීම

* නිවුන් දරුවන් ලැබීමට සිටීම

* මව දියවැඩියාව පාලනය නොකිරීම නිසා

පමණට වඩා දරුවා විශාල වීම

* හදවත් රෝගී මවක වීම

* ගැබ් ගෙල විවෘත නොවීම

* මව උසින් අඩුවී, ශ්‍රෝණිය කුඩාවී දරුවා විශාල වීම

* දරුවාගේ රුධිර ගමන අඩුවීම,හිස විශාල වීම

* කලලාවාරික තරලය සම්පූර්ණයෙන් පිටවීම

* නියම්ත දින ගණන පසුවීම

* මවට එච්අයිවී ආසාදනය වීම ලිංගික

හර්පීස් තත්ත්වයට ගොදුරු වී තිබීම

* නියමිත සති ගණන පිරීමට පෙර එනම් සති 37 දී පමණ කිසියම් සෞඛ්‍ය ගැටලුවක් නිසා ප්‍රසූතිය ඉක්මන් කිරීමට සිදුවීම සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට බලපාන සුලබම හේතු බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.

මෙවැනි හේතුවක් නැතුව අනවශ්‍ය බිය නිසා, සුබ නැකැතකට කෘත්‍රිමව දරුවා බිහිකිරීමට අවශ්‍ය නිසා දරුවා බිහිකිරීමට පියවර ගැනීම මවක් විසින් දරුවාට සිදු කරන සැබෑම අපරාධයක්.

යෝනි මඟෙන් බිහි කිරීමෙන් දරුවාට, අම්මාට සැලසෙන වාසි බොහොමයි.

යෝනි මඟින් දරුවා බිහි වීමේදී අම්මාගේ යෝනි මඟේ ක්ෂුද්‍ර ජීවීන් තැවරී ප්‍රතිශක්තියක් ඇතිවෙනවා.

මවගේ සියලු වේදනාවන් ප්‍රසූතියත් සමඟ හිරු දුටු පිනි මෙන් අසුරු සැණින් දුරුවී යනවා. මව හා දරුවා අතර අසමසම මාතෘ - දාරක උත්තරීතර සෙනෙහසේ පාලම ගොඩනැඟෙනවා.

ඉපදී සමසක් යන තුරු දරුවාගේ එකම ආහාරය වන මවුකිරි එරීම උත්තේජනය වෙනවා.

අලුත්ම පර්යේෂණ මඟින් මේ වගේ දරුවන් තරබාරු වීමේ, ඇදුම වැනි අසාත්මිකතාවලට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බව සොයා ගෙන තියෙනවා.

සති 39 ට පෙර දරුවන් සිසේරියන් සැත්කමකින් බිහිකිරීමේදී දරුවාගේ හුස්ම ගැනීමේ ගැටලු පැන නඟින්න පුළුවන්. මේ නිසා දරුවා රෝහලේ නේවාසිකව නතර කර ගෙන අධීක්ෂණය කරන්න වෛද්‍යවරු පියවර ගන්නවා.

 

අම්මාටත් සිසේරියන් සැත්කම අවාසි සහගතයි. සිසේරියන් සැත්කම නිසා,

* කැපුම් තුවාල ආසාදනය වීමේ ඉඩක් පවතිනවා. ( කැපුම්, ඉදිමීම්, වේදනාව, ස්‍රාවයන් පිටවීම ආසාදනයේ ලකුණුය )

* ගර්භාෂ ආස්තරණය ආසාදනය වීම

( මෙවිට උණ, උදර වේදනාව, යෝනි මඟින් අසාමාන්‍ය ස්‍රාව නිකුත් වීම, අධික ලෙස රුධිරය නිකුත් වීම වැනි ලකුණු ඇතිවෙයි )

 

උපදෙස්

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ