බබාගේ බර වැඩිකරන කෑම බීම

නොවැම්බර් 13, 2019

 

පුංචි බබෙක් ඉන්න අම්මා කෙනකුට තියෙන ප්‍රධානම ගැටලුව තමයි බබාගෙ බර වැඩිකරගන්නෙ කොහොමද කියන එක. හැබැයි වෛද්‍යවරයා දරුවගේ බර ගැන සෑහීමකට පත්වෙලා නම් අනවශ්‍ය ලෙස දුක් වෙන්න එපා.

බබා දුර්වල නම් විසඳුම් කීපයක් අද අපි ඔයාලට කියලා දෙන්නයි මේ සූදානම් වෙන්නෙ.

 

මවුකිරි

බබාට මාස 6 න් පස්සේ දියරමය ආහාර දෙන්න පටන් ගත්තට මවුකිරි දෙන එක නවත්තන්න එපා. දියරමය ආහාරත් එක්ක මාරුවෙන් මාරුවට මවුකිරිත් දෙන්න ඕනෙ. අවුරුදු දෙකක් වෙනතුරු මවුකිරි අවශ්‍යයි.

කෙසෙල්

ලෙලි ඉවත් කරපු පුංචි කෙසෙල් ගෙඩියක් අරගෙන හැන්දකින් පොඩිකරගන්න. නැත්නම් බ්ලෙන්ඩර් කරගන්න. ටික ටික කවන්න. මෙමඟින් පුංචි පැටියට පෝෂණයක් ලැබෙනවා වගේම ඔබට විනාඩියෙන් හදන්න පුළුවන් රසවත් කෑමක්. හැබැයි ඇඹුල් කෙසෙල් නම් දරුවට එතරම් හොඳ නැහැ. එයාගෙ සෙම වැඩිවෙනවා. පුවාලු වගේ සෙම හැදෙන්නෙ නැති කෙසෙල් වර්ගයක් තමයි දෙන්න ඕනෙ.

හොඳට තම්බපු බිත්තර කහමද

බිත්තරයක් හොඳට තම්බා ගන්න. ඊට පස්සෙ කටුව ඉවත්කරගන්න. දැන් කහමදය අරගෙන ගෑරුප්පුවකින් පොඩිකරගන්න. එයට මවුකිරි මේස හැඳි 2 - 3 ක් දාලා තලපයක් විදිහට හදලා බබාට කවන්න. අඩු කාලයකින් ඉක්මනින් දරුවට හදලා දෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් බිත්තර අසාත්මික නැත්නම් විතරයි.

 

2019/11/13 තරුණි බලන්න.........