පැණි රසට වැඩි ඉල්ලුමක් ඇති උත්සව සමයේ හිතන්නම ඕන කාරණයක්

දෙසැම්බර් 11, 2019

නිවෙසේ මේ දිනවල වැඩිපුර හැදෙන්නෙ සීනි,තෙල්, ලුණු පිරි කෑමයි. යන එන තැන්වලින් ලැබෙන්නෙත් එවැනිම ආහාරයි. දිවට වහල් වුණාම අපට මෙවැනි ආහාර අධිකව ගැනීමේ අයහපත් පල විපාක අමතක වෙලා යනවා.

ඒත් විශේෂයෙන් දකුණු ආසියාතික අප අමතක නොකළ යුතු කරුණක් වෙන්නේ වයස විසි පහේදීත් අපි දෙවැනි වර්ගයේ දියවැඩියාවට ගොදුරු විය හැකි බවයි. බටහිර ජාතීන්ට නම් ඒ අවදානම ඇති වෙන්නෙ වයස අවුරුදු 40 ට පස්සෙයි. කෑම බීම ගනිද්දීි දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන ඒ නිසයි.

ද දියවැඩියාව කියන්නේ අප ජීවිත කාලය පුරාම කටුක ආහාරවලට පමණක් සීමා කරන රෝගයක් නෙවෙයි. දිවට රස මේ කෑම දියවැඩියාවට අගුණ නැහැ. රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ පළකර තිබූ මේ ආහාර වට්ටෝරුව අධ්‍යයන ගණනාවකින්ම දියවැඩියා රෝගීන්ට හිතකර බව හෙළිවී තිබෙනවා.

*ඩාර්ක් චොකලට්

ඩාර්ක් චොකලට් ෆ්ලේවනොයිඩවලින් සාරයි. ෆ්ලේවනොයිඩ කියන්නේ මිනිසුන්ට ඉතා වැදගත් වන ප්‍රතිඔක්සිකාරකයක්. අපේ සිරුර වෛරසවලින්, අසාත්මිකතාවලින්, ප්‍රදාහවලින්, පිළිකාවලින් ආරක්ෂා කර ගැනීමට මේවා උපකාරී වෙනවා. ආහාරවලට ඇති කෑදරකම අඩුකර

ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව අඩු කිරීමේ හැකියාවක් මීට තිබෙනවා. මේ වාසිය සැලසෙන්නේ ඩාර්ක් චොකලට්වලින්ම පමණයි.

පැණි රස කෑම පමණක් නොව ලුණු, තෙල් අධික කෑමට ඇති රුචිය ද අඩු වෙයි. ඩාර්ක් චොකලට්වල ඇති ෆ්ලේවනොයිඩවලට අඝාතය, හෘදයාබාධ, රුධිර පීඩනය අඩු කරන ගුණයක් ද පවතිනවා.

*බ්‍රොකොලි -

බ්‍රොකොලි කියන්නෙ දියවැඩියාව වළක්වන සුපිරි ආහාරයක්. ගෝවාමල්, කේල් වැනි ගෝවා කුලයේ මෙවැනි ආහාරවල සල්ෆොරෆේන් රසායනය අඩංගුයි.

මේවායින් ප්‍රදාහයන් වළක්වනවා. රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා.

හෘද නාළ ආරක්ෂා කර දියවැඩියාව වළක්වනවා. හෘදයාබාධ දියවැඩියා රෝගීන් මරණයට පත් කරන ප්‍රධානම හේතුවයි. සිරුරේ විස නාශනය කරන්න, පිළිකා කාරක එන්සයිම මැඬලන්න සල්ෆොරෆේන්වලට හැකියාව තිබෙනවා.

*බ්ලූබෙරීස්

දියවෙන වගේම දියනොවෙන තන්තුවලින් ද පොහොසත්. මේවා උදරය ඉක්මනින් හිස්වීම වළක්වනවා. බ්ලූබෙරි යුෂ කෝප්ප 2 1/2 ක් දිනපතා පානය කිරීමෙන් සති 12 කදී දියවැඩියාව පාලනය වන බව මතක ශක්තිය වැඩි දියුණු වන බව සොයා ගෙන තිබෙනවා.

*ඕට්ස් -

තන්තුවලින් පමණක් නොව මැග්නීසියම්වලින් ද පොහොසත්. මැග්නීසියම්වලට ඉන්සියුලින් ස්‍රාවය හා ශරීර ග්ලූකෝස් පරිභෝජනය කිරීමේ ක්‍රමවත් කිරීමේ හැකියාවක් මීට තිබෙනවා. ප්‍රතිඔක්සිකාරකවලින් සපිරි ඕට්ස් දිනකට ග්‍රෑම් 25 - 35 ක් පරිභෝජනය කළ යුතුයි.

 

 

2019/12/11 තරුණි බලන්න